බබාගේ කෝල් එකට සොහොන ගාවට ආ තරුණයෙක්ට වෙඩි

0
20


අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසල දී ඊයේ (17) රාත්‍රියේ එල්ල වූ වෙඩි තැබීම මේ වනවිට විදේශගත ව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුහත් නදීෂ් කුමාර ආබ්‍රේව් නමැත්තාගේ දූරකථන ඇමතුමට ආ පුද්ගලයෙකු ව ඉලක්ක කරගෙන සිදු වූවක් බව වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 09.35ට පමණ සිදු ව ඇත්තේ ත්‍රීරෝද රථයකින් ආ වෙඩික්කරුවෙකු විසින් බවයි.

වෙඩික්කරු විසින් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් තුවාලකරුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

තුවාලකරු හට ‘බබා’ නොහොත් නදීෂ් කුමාර නමැත්තා විසින් දූරකථන ඇමතුමක් ලබා දී කියා ඇත්තේ රේවත කනිෂ්ඨ විද්‍යාලය අසල පිහිටි සොහොන අසලට පැමිණෙන ලෙසටයි.

ඒ අනුව අදාළ තුවාලකරු එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදියි මෙම වෙඩි ප්‍රහාරයට ඔහුව ගොදුරුව ඇත්තේ.

වෙඩි වැදීමෙන් ඔහුගේ උදර ප්‍රදේශයට තුවාල සිදු වුව ද ඒවා බරපතළ නොවන බවත් වාර්තා වනවා.

මේ වනවිට තුවාලකරු වන 27 හැවිරිදි ලක්ෂාන් මධුසංඛ මුණසිංහ නමැත්තා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here