බන්දුල ගුණවර්ධන කට ඇරිය හැටි

0
6


පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන අනුගාමිකයෙකු ලෙස සිටි බන්දුල ගුණවර්ධන බස් අනතුරකින් මිය ගිය ජනතාවට වන්දි ලබා දීමේ දී කිසිදු මානුෂික හැඟීමකින් තොරව සිදු කළ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ අනතුරෙන් මියගිය අයට වන්දි නොගෙවන බව ය. එහෙත් බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිස් පිල් පනිමින් තම බලය රැක ගෙන රට බංකොලොත් කර තිබියදී පවා එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ විනාශ වූ නිවාසවලට රුපියල් කෝටි ගණනින් අසීමිත වන්දි ලබා ගෙන තිබිණි.

ඊට අමතරව, ජනාධිපති අරමුදලෙන් ද මැති ඇමතිවරුන්ගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් එම අරමුදලේ නීති උල්ලංඝණය කරමින් විශාල මුදලක් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තුවේ දී හෙළි කරනු ලැබීය.

පසුගිය ආණ්ඩු මහජන මුදල් ඒ ආකාරයෙන් තමන්ගේ සුඛ විහරණයට කොල්ල කා තිබූ අතර රම්බොඩ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියා කිරීම පිළිබඳව ජනතාව ප්‍රසාදය පළ කරමින් සිටිති.

බන්දුලගේ උද්දච්ච ප්‍රකාශය පහත වීඩියෝවෙන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here