බඩු ගොඩ ගැහිලා ගෙදරම අපිළිවෙලයි ද? ගෙදර බඩු පිළිවෙලකට තියාගන්න විසඳුම මෙන්න

0
14


ගෙදරට බඩු ගෙනාවට තියාගන්න තැනක් හොයා ගන්න එක හරිම ප්‍රශ්නයක්. තියන බඩු ගෙදර හැම තැනම දාල. කිසිම පිළිවෙලක් නැහැ. කලබලවෙන්න එපා. මේක සෑම නිවසකටම තියෙන පොදු ප්‍රශ්නයක්. බලන්න මේ පුංචි උපක්‍රම ටික කියවලා.

15086467_10154072332709013_1034463451_n

මේ ඉඩකඩ ගොඩක් දෙනාට අමතකවන දෙයක්. ගෙදර නිතරම ප්‍රයෝජනයට නොගන්න බඩු, පොඩ්ඩන්ගේ පරණ බඩු වගේම උද්‍යාන උපකරණ අසුරා තබා ගන්නත් කදිමයි. හිසට ඉහළින් ඇති ඉඩ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයට ගන්න.

මෙය ඔබට පමණක් නොව ඔබේ පොඩ්ඩන් ඇතුළු නිවසේ සියලුම දෙනාගේ පොදු මන්ත්‍රයක් බවට පත්කර ගන්න. පොඩ්ඩන් වුනත් තේරුම් ගත යුතුයි නිවසේ ඉඩකඩ සීමිතබව. අලුත් සෙල්ලම්බඩු, ඇඳුම් ලබාගන්නාවිට  පරණ නමුත් තවත් භාවිතාකල හැකි දෑ එම ද්‍රව්‍ය අවශ්‍ය අයට පුණ්‍යාධාරක් සේ ලබාදෙන්න   ඔබේ පොඩ්ඩන්ටත් හුරු කරන්න.

පැන්ට්‍රි කබඩ්වල අයින්, ශීතකරණය අසල ඉතිරිවන පටු තීරය, කබඩ්වල දෙපස ආදිය අමතක කර දැමුණු තීරයන්. ලස්සන වෝල් ප්ලග්ස් වගේ දෙයක් භාවිතාකර අත් තුවා, කේබල්/වයර්, කුඩා කවර ආදිය අසුරා තබන්න කදිමයි.

කණ්ණ්නාඩි මේසයට, සපත්තු රාක්කයට,රෙදි මදින මේසයට, ඇඳයටට තවත් ලාච්චු කීපයක් එකතු කරගන් පුළුවන්ද බලන්න. රෙදි මදින මේසය, ඇඳයට ආදිය ඇඳරෙදි, බ්ලැන්කට් ආදිය ගබඩාකරතබන්න කදිමයි. පොඩ්ඩාගේ පාඩම් මේසය අයින හෝ එහි ඉහළ කොටස පොත් රාක්කයක් විදිහට සකසගන්නත් පුළුවන්.

සකසුරුවම් ලෙස නිවසේ ඉඩකඩ නිසියාකාරව භාවිතාකළොත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔබ කැමැති දෑ ලස්සනට අසුරගන්න කිසිම බාධාවක් නැහැ.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here