පෝශන ගුණයෙන් සපිරි Hight Protein Breakfast Recipe

0
5

අපේ සංස්කෘතියත් සමග ආහාරවේලේ වැඩි වශයෙන් අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට්. නමුත් එය ස්ථුලතාවය, දියවැඩියාව ආදී රෝග බොහොමයකට ඉක්මනින් මග පාදනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් කාබෝහයිඩ්‍රේට් ඉතා අවම, ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු ආහාර රටාවක් තෝරා ගෙන තිබෙනවා. ප්‍රෝටීන්වලින් සිරුරේ හිතකර වර්ධනයක් සිදු වෙනවා. අධික ව බර වැඩි වී ඔබ ලෙඩ වන්නේත් නැහැ. නමුත් කාර්‍යබහුල ජීවන රටාවත් සමඟ සංකීර්ණ ආහාර සැකසීම දුෂ්කරයි. නිරෝගීව ඉන්න කැමති, කාර්‍යබහුල කාන්තාවන්ට අපි අද අධි ප්‍රෝටීන් උදේ ආහාර වේල් කිහිපයක් ගෙන එනවා.

High protein වෙජිටබල් ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර තුනක්
  • බ්‍රොකලි 100g
  • ලූණු ස්වල්පයක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

බිත්තර තුන හොඳින් ගසා ගන්න. එළවලු කුඩා කැබලිවලට කපා මිශ්‍ර කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර පෑන් එකක දමා බැදගන්න.

High protein burger patty

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරන ලද හරක් මස් 100g
  • ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැන්දක්
  • කුඩාවට කපන ලද කරපිංචා ටිකක්
  • තුනපහ කුඩු තේ හැන්දක්
  • කෝන්පිටි තේ හැන්දක්
  • ගම්මිරිස් සහ ලුණු

හදන්නේ මෙහෙමයි

සියල්ල එකට දමා හොඳින් අනාගෙන රොටියක් සේ හදාගන්න. පෑන් එකක දමා හොඳින් ඉදෙන සේ බැදගන්න.

High protein pan cake

අවශ්‍ය ද්‍රව්‍ය

  • ආමන්ඩ් පිටි 100g
  • බිත්තරයක්
  • කිරි ටිකක්
  • සීනි ස්වල්පයක්
  • බටර් ටිකක්

හදන්නේ මෙහෙමයි

සියල්ල හොඳින් මිශ්‍ර කර පෑන් එකක දමා සකසා ගන්න.

High protein Cereal

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා ඇට 50g
  • තල ඇට 50g
  • ෆ්ලැක්සීඩ් 50g
  • රටකජු 50g
  • කජු 50g
  • සූරියකාන්ත ඇට 50g

හදන්නේ මෙහෙමයි

සියල්ල යන්තම් කබලේ බැදගන්න. බ්ලෙන්ඩර් කර අවශ්‍ය වූ විට කිරි සමග ආහාරයට ගන්න.

High protein smoothie

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල් ගෙඩියක්
  • කිරි ටිකක්
  • කජු ගෙඩි දෙකක්
  • යෝගට් මේස හැඳි දෙකක්

හදන්නේ මෙහෙමයි

සියල්ල බ්ලෙන්ඩ් කර පානය කරන්න.

Hummus

අවශ්‍ය ද්‍රව්‍ය

  • තැම්බූ කඩල 100g
  • ඔලිව් ඔයිල් මේස හැන්දක්
  • සූදුරු ටිකක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි
සියල්ල එකට ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න.

Hight protein seafood breakfast

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාලු ග්‍රෑම් සීයක්
  • ඉස්සන් කිහිපදෙනෙක්
  • නිවිති කොළ මිටක්
  • ඉඟුරු සුදුලූණු පේස්ට් ටිකක්
  • දෙහි යුෂ මේස හැන්දක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

මාලු සහ ඉස්සන් හොඳින් පිරිසිදු කර ලුණු, දෙහි, ගම්මිරිස් දමා අතගා සීසන් වෙන්න තියන්න. තෙල් ස්වල්පයක් ලිප තබා ඉඟුරු සුදුලූණු පේස්ට් එක තරමක් බැදෙන්න දෙන්න. මාලු දමා උයාගන්න. මාලු ඉදෙන විට ඉස්සන් ද එකතු කර විනාඩි පහක් පමණ උයා ඉක්මනින් බාගන්න. අවසානයේ ලිප නිවා රස්නය තිබිය දී ම කුඩා කොටු කැපූ නිවිති එකතු කර ගන්න.



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here