ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු ව පුත්තලම කොට්ඨාස අපරාධ
විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (28) පෙරවරුවේ කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා සහ සෙංගල්ඔය කොට්ඨාසයෙන් තරග කරන මහවාසල ලියනගේ දොන් පුබුද්ධ මධුභාෂණ යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම අවසන් වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා නීතිවිරෝධී ලෙස රථ වාහන පෙළපාලියක් සංවිධානය
කර පවත්වන ලදැයි සැකකරුවන්ට එරෙහිව පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා.
එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසයි සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් ව හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Saru FM Media