පොලීසියට අල්ලස් දෙන්න ගිය යතුරුපැදි කාර්මිකයා අත්අඩංගුවට

0
10

අල්ලසක් ලෙස රුපියල් 50,000ක මුදලක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකුව බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල මේසය ඉදිරිපිට දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පෙ.ව. 10.50 ට පමණ මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 

බෙම්මුල්ල පොලිස් ස්ථානයේ, උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, නියමිත ධාරිතාවයට වඩා වැඩි යතුරු පැදියක් මාර්ගයේ ධාවනය කිරීම සහ ලියාපදිංචි නොකර ධාවනය කිරීම යටතේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති යතුරු පැදිය සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු නොකර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් තොරව නැවත යතුරු පැදිය ලබා දෙන ලෙසට ඉල්ලා සැකකරු විසින් මෙම මුදල් අල්ලසක් ලෙස ලබා දීමට උත්සාහකර තිබේ. 

සැකකරු කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි යතුරු පැදි කාර්මිකයෙකු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here