පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

0
4

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය කරගනිමින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම්වලට අදාළව ඊයේ (05) දිනයේදීද පොලීසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පුද්ගලයින් 25,170ක් පොලිස් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය සඳහන් කළේය.

එම මෙහෙයුම මගින් සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

එමෙන්ම අපරාධ සම්බන්ධව සෘජුව හඳුනාගත් පුද්ගලයින් 12ක්ද වරෙන්තුකරුවන් 263 දෙනෙක්ද විවෘත වරෙන්තුකරුවන් 138 දෙනෙක්ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශේෂ මෙහෙයුම් මගින් බීමත් රියදුරන් 338 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් යටතේ තවත් පුද්ගලයින් 83 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මෙම මෙහෙයුම මගින් වෙනත් වැරදි සඳහා පුද්ගලයින් 4,301 දෙනෙකු සඳහා නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

විශේෂ මෙහෙයුම් වාර්තාව by poornima

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ සැකකරුවන් 801ක් 

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම මෙන්ම මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 801 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිදුකළ වැටලීම් මගින් හෙරොයින් ග්‍රෑම් 349ක්ද අයිස් ග්‍රෑම් 470ක්ද, ගංජා ග්‍රෑම් 861ක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙහිදී රැඳවුම් නියෝග මත සැකකරුවන් 13 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම මෙම මෙහෙයුම් මගින් පුද්ගලයින් 09 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කළ බවද පොලීසිය සඳහන් කළේය.

රටම එකට දෛනික වාර්තාව by poornima

රටම එකට ජාතික මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත්

සැකකරුවන් ගණන 88,000 ඉක්මවයි

පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට ඊයේ (05) දිනය දක්වා රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 88,177ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමස්ත වැටලීම් 88,874ක් මගින් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම මෙහෙයුම් යටතේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධව සැකකරුවන් 95 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 1,787කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

එමෙන්ම මෙම මෙහෙයුම් මගින් සැකකරුවන් 1,540ක් පුනරුත්තාපනයට යොමු කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය. 

රටම එකට සමස්ථ වාර්තාව by poornima

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here