පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළව පත්කළ යුතු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු බව එහි ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා පවසයි.
යෝජනාව බොහෝ දුරට පාර්ලිමේන්තුවට ලබන 08 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පෙරේදා (25) බාරදෙනු ලැබීය.
මේ වනවිට සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති සමයේ මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
Saru FM Media