අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ.
පන්නිපිටියේ පිහිටි මෙම නිවස දින 7ක කාලයක් සඳහා තහනම් කර ඇති බව පොලීසිය පවසයි.
අදාළ නිවස 2012 වසරේදී පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, මිත්තණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, තමන්ට අදාළ දේපළ මිලදීගැනීම සඳහා මුදල් නොතිබූ බවය.
අනතුරුව පොඩි ලැසීගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, අදාළ නිවස මිලදීගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට මතක නැති බවය.
නිවසේ පෙර අයිතිකරුද ප්‍රශ්න කිරීම් හමුවේ, තමන්ට ද මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මතක නැති බව පවසා ඇත.
ඒ අනුව වසර දෙකකට අධික කාලයක සිට කිසිවෙකුත් පදිංචිව නොසිටි අදාළ සුඛෝපභෝගී නිවස තහනම් කිරීමට නීති විරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගත් බව වැඩිදුරටත් සඳහන් වේ.
Saru News















