කොළඹ කියන්නේ එක එක අරුමෝසම්වලින් පිරුණු තැනක්නේ. ඒ අතරින් එක කැටයමක් තමයි කෑම. වඩේ කරත්තෙක ඉඳන් තරු හතේ හෝටලේකට දක්වා පරාසයක නානාප්‍රකාර කෑම වර්ගවලින් කොළඹ පිරිලා තියෙන්නේ. හැබැයි ඉතින් සල්ලි භාගේ තියෙන්න ඕනි. සයිවර් කඩ පොකැට්ටුවට සනීපයි. හැබැයි සයිවර් කඩෙත් ටිකක් පොෂ් කරලා අරන් ඇඩ්‍රස් නැති ගණන්වලට කෑම තියෙන තැනුත් තියනවා. ඒත් පොකැට්ටුවට බරක් නොවෙන්න බඩගින්න නැත්තට ම නැති කරන සයිවර් පාරාදීස කීපයක්ම කොළඹ තියෙනවා. මේ ඒ අතරින් කීපයක්.
1. Sri Vihar

Source – google street view
තුම්මුල්ලේ මුල්ලක තියෙන ශ්‍රී විහාර් එකට යන්නේ නැතුව සයිවර් ගැන කතා කරන්න එපා. සයිවර් කඩයක් කිව්වම හිතෙන්න පුළුවන් තෙල් නාවර පෙරාගත්ත කසිලි බිසිලි වැඩි තැනක් ය කියලා. හැබැයි පොෂ් අක්කි කෙනෙක්ට වුණත් ගිහින් සැපේ කාලා එන්න පුළුවන් තැනක් තමයි මේ. සයිවර් කඩයක් කියන්නවත් දිව නැමෙන්නැති ඉන්ඩියන් රෙස්ටෝරන්ට් කියලා පොඩ්ඩක් උඩින් තියලා කතා කරන්න හිතෙන විදියේ වටපිටාවක් තමයි ඇතුළට ගියාම දැනෙන්නේ. සේවක පිරිස හරිම මිත්‍රශීලියි. සේවයත් ඉක්මන්. හොඳම හරිය මිල ගණන් නේ. සැප පහසුවට හරිබරි ගැහිලා රජවරු වගේ කන්න තුන් හතර දෙනෙක්ටම යන්නේ වැඩිම වුණොත් රුපියල් 1000යි. තෝසේ වඩේ වගේම එක එක වර්ගයේ බත් වර්ග මෙතනින් කන්න පුළුවන්.
තැන මෙතන –
2. Sri Ariyabawan Hotel

Source – google street view
තුම්මුල්ලේ ඉඳන් 154ක එල්ලිලා ඇවිත් බොරැල්ලෙන් බැස්සම තියෙනවා නියම සයිවර් ලෝකයක්. එතන දී ඉස්සෙල්ලාම මුණ ගැහෙන්නේ ආරියබවන් එක. සයිවර් කඩයක් ද කියලා හිතන්න බැරි තරමට හොඳට ඉඩකඩ සහ පිරිසිදු බවක් තියෙනවා. සේවකයෝ මිත්‍රශීලී වගේම ඉක්මන්. කඩියෝ ටික වගේ වැඩ. ගාණත් ඒ වගේම හිතට සැනසීමයි. තෝසේ වර්ග තියෙනවා මයෙ අම්මේ එකක් කෑවම බඩ පිරෙනවා වතුර උගුරක්වත් බඩට දාගන්න බැරි තරමට. එතනින් නවතින්නේ නැතුව වඩේ, තෝසේ, බොන්ඩා, පරාටා, බත් වගේ ම ජලේබි, ලඩ්ඩු වගේ පැණිරහ කෑමත් තියෙනවා. දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න රුපියල් 500ක්වත් යන්නෑ.
තැන මෙතන –
3. Ananda Bhawan

Source – google street view
බොරැල්ලේ සයිවර් පාරාදීසයේ ආරියබවන් එකට පස්සේ හම්බ වෙන්නේ ආනන්ද බවන් එක. කලබල තැනක්. මොකද ඒ තරමටම සෙනඟ. ඉන්දියාවට ආවේණික කෑම ජාති බොහොමයක් අඩු මිලට කන්න පුළුවන්. ඉක්මන් මිත්‍රශීලී සේවාවක් ලැබෙනවා. හැම වෙලේම උණුවෙන්ම කෑම ටික මේසෙට එවන්න තමයි මෙතනින් බලන්නේ. හැම සයිවර් කඩේකම තියෙන කෑම ටික හැරුණාම නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑමත් මෙතනින් කන්න පුළුවන්. රුපියල් 200ක් අතේ තියන් ගියත් වේල් දෙක තුනකට සෙට් වෙන්න කාලා එන්න පුළුවන්.
තැන මෙතන –
4. Shri Vani Vilas

Source – google street view
කොළඹ සයිවර් කඩ නාමාවලියේ ඉහළම තැනකින් තමයි වානි විලාස් කට්ටිය ඉන්නේ. ආමර් වීදියේ යන එන කෙනෙක්ට බඩගින්නක් හැදුණම සෙනික ගොඩවෙන්න පුළුවන්. සයිවර් කිව්වට දැන් දැන් චයිනීස් කෑමත් තියෙන බවයි ආරංචි. ඒ මදිවට පුල් ඒ සී කෑල්ලකුත් තියෙනවා. කනවා නම් එහෙමයි බොනවා නම් ඒත් එහෙමයි. තේ කෝපිවල ඉඳන් මිල්ක්ෂේක් හදන සයිවර් කඩයක් තමයි මේ. තෝසේ, වඩේ, පරාටා, කෙබාබ්, පනීර්, නාන්, බිරියානි එක්ක නොයෙක් ඉන්දියානු කරි වර්ග පහසු මිලට මෙතනින් ගන්න පුළුවන්. දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න රුපියල් 1000ක්වත් යන්නේ නෑ.
තැන මෙතන –
5. Malar Cafe

Source – google street view
කොළඹ හතේ ඉන්නකොට බඩගින්නක් හැදුණොත් කාලා වළං හෝදලා එන්න වෙන තැනකට යනවට වඩා, බඩ පිරෙන්න කාලා සන්තෝසමකුත් දීලා එන්න හිතෙන තැනක් තමයි මලර්. ලාබ බඩුවල හිලක් කියලා තිබ්බට මලර් එකේ හිලක් තියෙන්නේ උළුඳු වඩේවල විතරයි. දෙන්නෙක්ටම හොඳට කන්න රුපියල් 500ක් වගේ යාවි. සමහරවිට ඊටත් අඩුවෙන්. මලර් එකේ කෑමබීම ගැන කියන්න තරම් අඩුපාඩුවක් නැතිවුණාට ඇතුළ හරිම කලබලයි. සයිවර් කඩයක් වුනාම එහෙම නැත්නම් වැඩකුත් නෑ.
තැන මෙතන –
6. Sri Suryas

Source – google street view
පිටකොටුව කියන්නේ අම්බානෙකට කාර්‍යබහුල තැනක්. හැමවෙලේම මිනිස්සුන්ගෙන් පිරිලා. ලංකාවේ හැමතැනින්ම එන මිනිස්සු පිටකොටුවේ ඉන්නවා. එයාලාට බඩගින්නක් හැදුණොත් යන්න ඕනි තැන හිතාගන්න බැහැ. ඇයි ඉතින් පිරිසිදුකම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. පිටකොටුවේ ඉඳන් බය නැතුව යන්න පුළුවන් තැනක් තමයි මේ. මෙතන හැම වෙලේම පුදුම විදියට කාර්‍යබහුලයි. වෙන මොකක්වත් නිසා නෙවෙයි, කෑම හොඳ නිසා. සයිවර් කඩ ගොඩක් පිටකොටුවේ තියෙනවා. හැබැයි ඒවාට යන්න ඕනි බඩ විරේක කරගන්න ඕනි අය විතරයි. සූර්‍යාස් එකේ කෑම ගෙවන මුදලට ඉතාම සාධාරණයි. සී ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් බලන්නකෝ.
තැන මෙතන –
7. Dosa King

Source – google street view
නමෙන්ම තේරෙනවනේ රජ වැඩ්ඩෙක් කියලා. කොල්ලුපිටියේ තමයි තියෙන්නේ. හැබැයි මෙතන එච්චර ඉඩකඩ නැහැ. කෑම නම් කොලිටියටම තියනවා ගෙවන ගාණට. ගී තෝසේ පාරක් එක්ක චිලී පරාටා එකක් කාලා ප්ලේන්ටියක් ගහන්න නියම තැන. මේ වගේ වැහි දවසක යන්න තිබ්බා නම් මරේ මරු. වඩේ, තෝසේ, ඉට්ලි, පරාටා තියෙනවා නමින් තෝසේවලට විතරක් රජ වුණාට. වැඩිය කන්න ලැබෙන්නේ නැති කුරක්කන් තෝසෙත් මෙතන තියෙනවා.
තැන මෙතන –
මේ කඩවලට ගිහින් ගෙවපු ගාණට වඩා දෙතුන් ගුණයක් වැඩියෙන් ගෙවලා කන්න පුළුවන් සයිවර් කඩත් නැතුවාම නෙවෙයි.
Cover Image Source – google street view
The post පොකැට්ටුවට නොදැනී සයිවර් පාරක් දාන්න කොළොම්පුරේ තැන් 7ක් appeared first on Lifie.LK.
Saru FM Media