පේරාදෙණි සරසවියේ දිවියෝ සැරිසරණ බවට සාක්ෂි; පරිස්සම් වෙන්න කියා සරසවිය පුරා බෝඩ් ගහලා

0
5

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුළ දිවියන් සැරිසරණ බවට තොරතුරු හෙළිවීම නිසා එහි ප්‍රජාවට කල්පනාකාරීව කටයුතු කරන ලෙස පාලනාධිකාරිය විසින් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

එම සරසවියේ පශු වෛද්‍ය පීඨ සත්ව ගොවිපොළේ ගාල් කොට සිටි ගවයන් කීප දෙනෙක් දිවියන් විසින් මරා කා දැමීම හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් එම විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කර තිබේ.

හන්තාන ආශ්‍රිතව ජීවත්වන දිවියන් රාත්‍රි කාලයේදී විශ්වවිද්‍යාල ගවගාලේ සතුන් කීපදෙනකු මරා ආහාරයට ගැනීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බව උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මාධ්‍යට පවසා ඇත.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“අපි ශිෂ්‍යයන්ට වගේම කාර්ය මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා රාත්‍රි කාලයේ මෙන්ම හිමිදිරියේ තනිවම විශ්වවිද්‍යාල භූමියේ සැරිසරන්න එපා කියලා. මේ පිළිබඳව විශ්වවිද්‍යාල භූමියේ දැන්වීම් පුවරු සවිකරන්නත් කටයුතු කළා. විශ්වවිද්‍යාල CCTV පද්ධතියේ මේ දිවියන් විසින් ගවයන් මරා ආහාරයට ගන්නා දර්ශන දක්නට ලැබෙනවා. ඒ වගේම දිවියන් විශ්වවිද්‍යාල භූමියේ සැරිසරන ආකාරයත් පටිගතව තිබෙනවා. අපි සිසුන්ට වගේම කාර්ය මණ්ඩලයටත් දැනුම් දී තිබෙන්නේ මේ දිවියන් දැක්කොත් වහාම ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන්න කියලයි. අප මේ ගැටලුව සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතාමත් සුපරික්ෂාකාරීව ආරක්ෂක පියවර අනුගමනය කරමින් කටයුතු කරන්න කියලා විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here