පෙට්‍රල් රු. 100කින් ඩීසල් රු. 200කින් වැඩි කළ යුතුයි – ධනනාත් ප‍්‍රනාන්දු – Saru News | සිංහල

0
5

ලෝක වෙළඳ පළ හී පවත්නා මිග ගණන් අනුව මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් සහ ඩීසල් ලීටරයක් රුපියල්200කින් වැඩිවිය යුතු බව Advocata හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප‍්‍රනාන්දු පවසයි.

ඔහු පවසන්නේ වෙළඳ පළ තත්වය මත ගතයුතු එම තීරණය එතරම් ජනප්‍රිය තීරණයක් නොවන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්ව ඔහු,

“ඕනෑම භාණ්ඩයකට අදාළව සාමාන්‍යයෙන් තියෙන දේ තමයි කුමක් හෝ දෙයක් මේ තත්වය යටතේ වැඩිපුර විකිණෙන්න අවශ්‍යනම් එකට සහනාධාරයක් දෙන්න ඕනේ. ඒ වගේම යම් භාණ්ඩයක් මිලදී ගැනීම අඩපණ කරන්න නම් ඒ මත බද්දක් පනවන්න ඕනේ. මේ වෙලාවේ තෙල් පරිභෝජනය අඩු කරන්නනම් අවශ්‍ය ලෝක වෙළද පළ ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගලපන එක තමයි වෙන්න ඕනේ. මම හිතන්නේ නැහැ අලුත් බද්දක් පණවන්න ඕනේ කියලා” යැයි පැවසයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here