පුරාවස්තු සොයා කැණීම් කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

0
4

උඩුදුම්බර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුදුම්බර පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී කැණීම් සිදු කිරීමට යොදා ගන්නා ලද උපකරණ ද සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 50 හැවිරිදි වියේ සහ සැකකාරිය 45 හැවිරිදි වියේ පසුවන උඩුදුම්බර කහටලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here