පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ 6ක් අත්අඩංගුවට

0
4

ලුණුගල, බුළුගොල්ල ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත බුළුගොල්ල ප්‍රදේශයේ කුඹුකන් ඔය රක්ෂිතයේ සිදුකළ වැටලීමක දී මෙම  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන් සමග කැණීම් උපකරණ කිහිපයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු49 ත් 61ත් අතර වයස්වල පසුවන ලුණුගල, ඇඹිලිපිටිය, පිළියන්දල, තණමල්විල, මිල්ලබැද්ද සහ හොප්ටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here