පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩීයෝ සහ ඡායාරූප නිෂ්පාදනය කළ අයෙක් අත්අඩංගුවට

0
12


පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාල හරහා ලබාගනිමින් සහ ශ්‍රී ලාංකීක පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 20 වනදා ආණමඩුව ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ආඬිගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි, ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු 2022 වසරේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශීය ළමුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප එක් රැස් කරගනිමින් ඒවා නරඹා ඇති බවත්, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13 ළමයෙකුගේ නිරුවත් වීඩීයෝ සහ අදාළ ඡායාරූප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් අතුරුදහන් වූ සහ සූරා කෑමට ලක් වූ ළමුන් සඳහා වන ඇමරිකා රජයේ ජාතික මධ්‍යස්ථානය මඟින් (NCMEC) යොමු කර ඇති වාර්තාවක් අනුවයි ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here