වෙනත් රටකට සංක්‍රමණය වීමටද සූදානම? නිසැකවම ඔබ මෙම තීරණයට පැමිණෙන්නේ වඩා යහපත් අනාගතයක්, වඩා යහපත් ජීවන තත්ත්වයක් බලාපොරොත්තුවෙන් විය යුතුයි. ඔබ සංක්‍රමණය වන රටෙන් ඔබට ඒ දේවල් අනිවාර්යයෙන් හිමිවේවිද? ඔබ ඒ ගැන හිතුවාද? එහෙනම් හැමදේටම කලින් ඔබ යන්නට පෙර දැනගත යුතුම දේවල් ටිකක් පිළිබඳව සාකච්ඡා කරමු.
1. ආදායම් මාර්ගයක් තියෙනවාද?

Image Source – thebrokebackpacker.com
වෙනත් රටකට යන්න අවස්ථාව ලැබුන නිසාම නොගිහින්, එහි යාමට පෙර එම රටේ ජීවන වියදමට ගැලපෙන පරිදි ඔබට රැකියාවක්, ආදායම් මාර්ගයක් සකසා ගන්න හැකියාවක් තියෙනවාද කියන දේ විමසා බැලිය යුතුයි. යන්න කලින්ම එවන් ආදායම් මාර්ගයක් සැලසුම් කරගෙන යා යුතුයි. එහෙම නැති වුනොත් ඔබ වෙනත් රටක අසරණ වෙන්න පුළුවන්.
2. එම රටේ හෝ ප්‍රදේශයේ සංක්‍රමණිකයන් පිළිබඳව දක්වන ආකල්ප මොන විදිහද?

Image Source – studentuniverse.com
ඉපදුණු රටෙන් පිටත පදිංචියේදි ඔබ සැලකිලිමත් විය යුතුයි එම රටවල් සංක්‍රමණිකයන්ට සළකන ආකාරය සහ සංක්‍රමණිකයන් පිළිබඳව දක්වන ආකල්ප මොනවගේද කියන එක ගැන. මොකද ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න ඔබ තෝරා ගන්නා වටපිටාව ඔබට හිතවත් නොවුනහොත් එය එදිනෙදා ජීවිතයේ ගතවෙන හැම තත්පරයකටම අදාළ වෙන නිසා, පිටත් වීමට තීරණය කිරීමට පෙර ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න.
3. රටේ නීතිරීති ගැන දැනුවත් වෙන්න

Image Source – jp2centre.org
සමහර රටවල් සරල ආගමන ප්‍රතිපත්ති තමයි ඉදිරිපත් කරන්නේ. සමහර රටවල ආගමන ප්‍රතිපත්ති හරීම සංකීර්ණයි. ඔබ ජීවත් වීමට අපේක්ෂා කරන රට තුළ ක්‍රියාත්මක වෙන නීතියට ඔබට අනිවාර්‍යයෙන් අවනත වෙන්න සිදු වෙනවා. ඔබේ නොදැනුවත්කම සමාවට හේතුවක් නම් නොවේව්. ඒ නිසා ඒ ගැන මනා වැටහීමක් ලබාගෙනම යන එකයි සුදුසු.
4. ආරක්ෂාව

Image Source – america.aljazeera.com
සංක්‍රමණය වෙන රට තුළදී ඔබේ ආරක්ෂාව තහවුරු වෙනවාද? එම රටේ පවතින යුධ වාතාවරණ, ජනවාර්ගික අර්බුද, ඔබ අදහන ආගම දහමට පවතින පක්ෂපාතීත්වය හෝ විරුද්ධත්වය ආදියද අනිවාර්යයෙන් විමසා බලන්න.
5. ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයක් තියෙනවාද?

Image Source – lankatruth.com
ගොඩාක් නුපුරුදු පරිසරයක වුනත් අපේ කියලා දෙයක් ඇහැ ගැටුනාම දැනෙන සුවය කොච්චරද කියලා කියන්න ඕන නැහැනේ. වෙනත් රටක් කියන්නේ අපේ අයගෙන් දුරස් වීමක්. ඉතින් යන්න කලින් හොයලා බලන්න අපේ කට්ටිය ඒ රටවල් වල ඔබ යන ප්‍රදේශය කිට්ටුව තවත් ජීවත් වෙනවාද කියන කාරණය. ඒ රටේදී ගෙවන්න යන ජීවිතය ගැන ඔයාට යම් කිසි විශ්වාසයක් ඇති කරවන්න, ඔයාට අවශ්‍ය තොරතුරු ලබා ගන්න හොඳම හා විනිවිද ක්‍රමයක් විදිහට අපේ අය ඒ රටවල ඉන්නවාද කියලා හොයලා බලන එක ගොඩාක් වැදගත් වේවි.
6. එම රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මොන වගේද?

Image Source – theascent.pub
අපි ඇත්තටම තවත් රටක පදිංචියට යන්නේ ජීවත් වෙන රටට වඩා අලුත් රටේදී උසස් ජීවන තත්ත්වයක් බලාපොරොත්තුවෙන්. යන්න කලින් මේ ගැනත් හොයලා බලන එක තමා හොඳ. ඔබ පදිංචි වීමට බලාපොරොත්තු වෙන ප්‍රදේශයේ විවිධ ජාතීන් අතර පවතින සහයෝගය, අර්බුද, සනීපාරක්ෂාව පිළිබඳ පහසුකම්, සොර සතුරු බිය ආදිය ගැන පුළු පුළුවන් ක්‍රම වලින් හොයා බලන එක තමා වඩා සුදුසු.
7. භාෂාව හා සන්නිවේදනය

Image Source – enterprisealive.co.uk
භාෂාව තමයි ඔබ සතුව ඇති ප්‍රධානම මෙවළම. ඔබ එම රටේදී දේශීය පුද්ගලයන් හා ඔබේ අදහස් හුවමාරු කර ගැනීමට අපොහොසත් වුවහොත් ඔබ විශාල අසීරුතාවයකටයි පත්වෙන්නේ. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් විදේශිකයන් දෙදෙනෙක් අදහස් හුවමාරු කරන්න භාවිතා කළත්, දේශීය භාෂාව පමණක් භාවිතාවෙන සමහර රටවල් තියෙනවා. ඉතින් ඒ වගේ රටකදි ඔයාට සිදුවෙනවා ඔවුන්ගේ භාෂාව හදාරලා, ඒ රටේ පදිංචියට යන්න.
තාක්ෂණික භාවිතය, අන්තර්ජාල හැකියාව වගේ ඔබට සන්නිවේදනය සඳහා ඇති පහසුකම් හා ඒ සඳහා යන පිරිවැය පිළිබඳවත් පූර්ව අවබෝධයකින් යුතු වීම ඉතා වැදගත්.
8. ජීවත්වෙන්න යන රටේ සිරිත් විරිත් පුරුදු ඔයාට ගැලපෙනවද ?

Image Source – loginmytrip.com
ඔයා පදිංචි වෙන්න යන රටේ සිරිත් විරිත් ගැනත් හොඳින් අධ්‍යයනය කරලා යන එක හරිම වැදගත්. උදාහරණයකට සමහර රටවල ලාංකිකයන් කිසිසේත්ම අනුභව නොකරන කැරපොත්තන්, මීයන්, සර්පයන් වැනි සහ තවත් බොහෝ දෑ අනුභව කරනු ලබනවා. මෙවන් වටපිටාවක ඔබට ජීවත් විය හැකිද? වැනි දෑ හොඳින් අවබෝධ කරගෙන සිටීම වැදගත්.
9. ස්ථාවරත්වය, පෞද්ගලික නිදහස

Image Source – airbnb.com
වෙනත් රටකට සංක්‍රමණය වීමට පෙර නවාතැන්, වෙළඳපොල, ප්‍රවාහන පහසුකම් මෙන්ම කුලී ගාස්තු, හිමිකම පිරිවැය, ලබා ගත හැකි පිරිවැය ආදිය ගැන අවධානය යොමු කිරීම වැදගත්. සමහර රටවල වාහන ඇතුළු සියලු දේපොළ බදු රහිතව ගෙන ඒමට ඉඩ සැලසෙනවා. ආනයන මත බදු පැනවීමෙන් ගෙන යා හැකි දේ සීමා කරන රටවල්ද තිබෙනව. ඔබේ ස්ථාවරත්වය පිළිබඳව දැනුවත් වී යාම ඉතා වැදගත්.
ඔබ කුමන රටක ජීවත් වුනත් ඔබේ පුද්ගලිකත්වය ඔබට ඉතාම වැදගත්. ඔබ ජීවත් වීමට අපේක්ෂා කරන රට තුළදී ඔබේ පුද්ගලික නිදහස රැකෙනවාද යන්න ගැන තොරතුරු සොයා බලන්න. උදාහරණයක් ලෙස ඔබේ ආගම දහම ඇදහීමට ඔබට තහනමක් තියෙනවාද? වැනි.
10. සෞඛ්ය ආරක්ෂණය සහ සෞඛ්ය අවදානම්

Image Source – dnaindia.com
ඔබට යාමට අවශ්‍ය රට තුළ සෞඛ්ය සේවාවේ තත්ත්වය කුමක්ද? සෞඛ්ය සේවාව ලබා ගැනීමට ඇති ඉඩකඩ මොනවගේද?, පිරිවැය කොහොමද? රට තුළ තියෙන වැළඳෙන රෝග මොනවාද? ඔබ එම රටට ඇතුළු වීමට පෙර සෞඛ්ය ආරක්ෂාව සලසා ගත යුත්තේ මොන විදිහටද? මේ ආදී ලෙස සෞඛ්ය තත්ත්වය පිළිබඳව පූර්ව හොඳ විමසිල්ලක් කිරීම වඩාත් සුදුසුයි.
නව තාක්ෂණයේ පිහිටෙන් දැන් මුළු විශ්වයම ඔබේ ඇඟිලි තුඩු අතරට ගෙනවිත් තියෙන නිසා වෙනත් රටකට සංක්‍රමණය වෙන්න හිතනවා නම් අන්තර්ජාලය හරහා හෝ ඒ රට ගැන හොඳින් පර්යේෂණ කර නිසි ලෙස පෙර සූදානමකින් සිටින්න. ඔබේ සෞඛ්යය, සන්තෝෂය සහ පෞද්ගලික තෘප්තිය වඩා යහපත්ව සලසා ගත හැකි රටක ජීවිතය ඔබට පහසු වෙනු ඇත. නිසැකවම, ඔබ කොතැනක සිටියත් නිවැරදි සැලසුම්කරණයක් සමඟ, අභියෝගවලට මුහුණදීමටත් අභියෝග ජය ගැනීමටත් ඔබට හැකි වනු ඇත.
Cover Image Source – fau.eu.com/ curiousjourneylist.com
The post පිටරටකට පදිංචි වෙන්න යන්න කලින් හිතන්න ඕන දේවල් 10ක් appeared first on Lifie.LK.
Saru FM Media