ඇමරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ඉරාණයට එල්ල කරන ප්‍රහාරවල වර්ධනයක් ඇති වී තිබෙන බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර සෞදි අරාබියේ `ප්‍රින්ස් සුල්තාන්’ ඇමරිකානු හමුදා කඳවුරට එල්ල කළ මිශයිල ප්‍රහාරයකින් ගුවන් යානා 05ක් විනාශ යී ඇති බව හෙළි වී තිබේ.
මෙම ප්‍රහාරය පසුගිය 15 වෙනි දින එක්ක කර තිබූ අතර එයින් සිදු වූ හානි පිළිබඳව ඇමරිකාව වසන් කර තිබිණි. එහෙත් මේ වනවිට හෙළි වී ඇත්තේ ඇමරිකාව සතු නවීනතම ප්‍රහාරක යානා 05ක් විනාශ වී ප්‍රහාරක ඩ්‍රෝණ යානා විශාල සංඛ්‍යාවක් ඇතුළු යුධ උපකරණ රැසක් ඉරාන ප්‍රහාරයෙන් විනාශ වී ඇති බවයි. මෙම විනාශය ඇමරිකානු ගුවන් හමුදාවට විශාල උපායමාර්ගික පරාජයක් බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
එමෙන්ම ඉරාකය ආසන්න ගුවන් තලයේදී ඉන්ධන සැපයීම් ගුවන්යානයක් ප්‍රහාරක යානයකට ඉන්ධන සපයන අතරතුර එල්ල කෙරුණු ප්‍රහාරයකින් ඉන්ධන ගබඩා යානය මුළුමනින්ම විනාශ වී ඇති අතර ප්‍රහාරක යානය දැන් හානි සහිතව ඊශ්‍රායලයට ගොඩබස්වනු ලැබීය. මේ අනුව පැය 96ක් තුළදී ඇමරිකානු ප්‍රහාරක යානා 07ක් විනාශ වී ඇති බව විශ්ලේෂකයෝ පේනවා දෙති.
3
Saru News
















