පැතුම් නිස්සංක විස්සයි20න් ඉදිරියට

0
3

අයිසීසීය විසින් ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 05වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රීලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත්ව ඇත.

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 7වන ස්ථානයේ සිට ස්ථාන 2කින් මෙලෙස ඉදිරියට පැමිණ ඇති අතර එහිදී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත්ද 11වන ස්ථානයේ සිට 9වන ස්ථානයට ඉදිරියට පැමිණ තිබේ.

විස්සයි20 පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණ ඉන්දියාවේ අභිෂේක් ශර්මාට හිමිව ඇත.

මේ අතර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර අංක එකට පත්ව සිටි ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍ය අභිබවා පෙරමුණ අත්පත් කරගැනීමට පාකිස්තානයේ සයිම් අයුබ් සමත්ව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here