පාස්කු ප්‍රහාරය – සැකකරුවන් 12 දෙනෙකු නිදහස් !

0
6


පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු නඩු කටයුත්තෙන් මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (මැයි 16) නියම කර තිබේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණේ.

ඒ අනුව අදාළ සැකකරුවන් මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම භාණ්ඩ ඔවුන්ට මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here