පාසල්-සරසවි-උසාවි-කාර්යාල සෑම බදාදාම නිවාඩුයි

0
4

ඉදි­රියේදී මුහු­ණ­දී­මට සිදු­විය හැකි ඉන්ධන ගැට­ලු­ව­ලට මුහු­ණ­දීමේ පූර්ව සූදා­න­මක් ලෙස නැවත දැනු­ම්දෙ­න­තුරු සෑම සති­ය­කම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කිරී­මට රජය තීර­ණය කර තිබේ.

රට තුළ දැනට ප්‍රමා­ණ­වත් ඉන්ධන සංචිත පැවැ­ති­යද, අනා­ග­තයේ ඇති­විය හැකි බල­ශක්ති අභි­යෝ­ග­යන්ට පූර්ව අනා­වැකි මත පද­නම්ව මුහු­ණ­දීම මෙම තීර­ණයේ ප්‍රධාන අර­මුණ බව අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රාල් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහතා පැවැ­සීය.රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (16) සවස පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රාල් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහතා මේ බව කියා සිටි­යේය.

මෙම බදාදා නිවාඩු දිනය රජයේ කාර්යාල සඳහා අදාළ වුවද සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍ය­වශ්‍ය සේවා සප­යන ආය­තන සඳහා එය අදාළ නොවන අතර පාසල්, විශ්ව­වි­ද්‍යාල සහ අධි­ක­රණ ක්ෂේත්‍රය සඳහා ද මෙම නිවා­ඩුව බල­පැ­වැ­ත්වෙන බව අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා කියා සිටි­යේය.

මීට අම­ත­රව, රජය මඟින් සංවි­ධා­නය කරනු ලබන සිය­ලුම උත්සව කට­යුතු නැවත දැනුම් දෙන­තුරු තාව­කා­ලි­කව නතර කිරී­මට ද පිය­වර ගෙන තිබේ. 

මෙම නිවාඩු තීර­ණය පෞද්ග­ලික අංශ­යට ද අදාළ කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් වාණිජ මණ්ඩ­ලය සහ ලංකා සේවා­යෝ­ජක සම්මේ­ල­නය සමඟ ඉදි­රියේ දී සාකච්ඡා කිරී­මට නිය­මි­තය.

රටේ වත්මන් තත්ත්වය අධ්‍ය­ය­නය කර ඉදිරි රාජ්‍ය පාලන කට­යුතු විධි­මත් කිරීම සඳහා විශේෂ කමිටු කිහි­ප­යක් ද පත් කර ඇත. 

ඒ අනුව රාජ්‍ය සේවා­වන් පව­ත්වා­ගෙන යාම සඳහා අග්‍ර­ාමා­ත්‍ය­තු­මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කර තිබේ. බල­ශක්ති ක්ෂේත්‍රය වෙනු­වෙන් ඇමැති විජිත හේරත් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් බල­ශක්ති කමි­ටු­වක් පත් කර ඇත. අත්‍ය­වශ්‍ය භාණ්ඩ බෙදා­හැ­රීම සහ අධී­ක්ෂ­ණය සඳහා බිමල් රත්නා­යක අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කර ඇත. සමාජ සුබ­සා­ධන කට­යුතු වෙනු­වෙන් උපාලි පන්නි­ලගේ අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කර තිබේ.

දැනට පව­තින ඉන්ධන කේත (Fuel Code) ක්‍රමය එලෙ­සම ක්‍රියා­ත්මක වන අතර, සංචා­රක, සෞඛ්‍ය, කෘෂි­කර්ම සහ වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමා­ණ­යන් ගණ­නය කර ලබා­දී­මට රජය පිය­වර ගෙන ඇත. මෙහිදී විශේ­ෂ­යෙන්ම අත්‍ය­වශ්‍ය ආහාර බෙදා හැරීමේ ප්‍රවා­හන කට­යුතු සඳහා ප්‍රමු­ඛ­තා­ව ලබා­දී­මට අව­ධා­නය යොමු කර තිබේ. මෙම කමිටු සඳහා අදාළ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් සහ අනෙ­කුත් අත්‍ය­වශ්‍ය නිල­ධා­රීන් ද පත් කර ඇති අතර, ඔවුන් හරහා රටේ ඉදිරි කට­යුතු අධී­ක්ෂ­ණය කෙරෙනු ඇත.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රාල් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහතා,

“ඉදි­රි­යේදී සෑම සති­ය­කම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කිරී­මට තීර­ණය කර තිබෙ­නවා. මෙම නිවාඩු දිනය සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍ය­වශ්‍ය සේවා සප­යන ආය­ත­න­ව­ලට අදාළ වෙන්නේ නැහැ. එමෙන්ම පාසල්, විශ්ව­වි­ද්‍යාල සහ අධි­ක­රණ ක්ෂේත්‍රය සඳහා ද මෙම බදාදා නිවා­ඩුව අදාළ වෙනවා. නැවත දැනුම් දෙන­තුරු රජය මඟින් සංවි­ධා­නය කරනු ලබන සිය­ලුම උත්සව කට­යුතු තාව­කා­ලි­කව නැවැ­ත්වී­මට තීර­ණය කළා.
මෙම නිවාඩු තීර­ණය පෞද්ග­ලික අංශ­ය­ටද අදාළ කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් වාණිජ මණ්ඩ­ලය සහ ලංකා සේවා­යෝ­ජක සම්මේ­ල­නය සමඟ සාකච්ඡා කර කට­යුතු කිරී­මට තීර­ණය වී තිබෙ­නවා.
දැනට පව­තින ඉන්ධන කේත ක්‍රමය (Fuel Code) පොදුවේ ක්‍රියා­ත්මක වන අතර, සංචා­රක, සෞඛ්‍ය, කෘෂි­කර්ම සහ වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය අත්‍ය­වශ්‍ය ඉන්ධන ප්‍රමා­ණ­යන් ගණ­නය කර ලබා­දී­මට පිය­වර ගෙන තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම අත්‍ය­වශ්‍ය ආහාර බෙදා­හැ­රීමේ ප්‍රවා­හන කට­යුතු සඳහා ප්‍රමු­ඛ­තා­ව­ක් ලබා­දීම කෙරෙහි මෙහිදී අව­ධා­නය යොමු කළා.

රාජ්‍ය සේවා­වන් පව­ත්වා­ගෙන යාම සඳහා අග්‍රා­මා­ත්‍ය­තු­මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කළා.
බල­ශක්ති ක්ෂේත්‍රය වෙනු­වෙන් බල­ශක්ති අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් බල­ශක්ති කමි­ටු­වක් පත් කළ අතර, අත්‍ය­වශ්‍ය භාණ්ඩ බෙදා­හැ­රීම සහ අධී­ක්ෂ­ණය සඳහා බිමල් රත්නා­යක ඇමැ­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කළා. සමාජ සුබ­සා­ධන කට­යුතු සඳහා උපාලි පන්නි­ලගේ අමා­ත්‍ය­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කළා.
මෙම කමිටු මඟින් රටේ වත්මන් තත්ත්වය අධ්‍ය­ය­නය කර ඉදිරි කට­යුතු සිදු කිරී­මට බලා­පො­රොත්තු වන අතර, ඒ සඳහා අදාළ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් සහ අනෙ­කුත් අත්‍ය­වශ්‍ය නිල­ධා­රීන් පත් කර තිබෙ­නවා.
මෙම තීරණ ගැනී­මට ප්‍රධා­න­තම හේතුව වී ඇත්තේ දැනට රට තුළ ප්‍රමා­ණ­වත් ඉන්ධන සංචිත පැවැ­ති­යද, ඉදි­රියේ දී මුහුණ දීමට සිදු­විය හැකි ඉන්ධන ගැටලු සම්බ­න්ධ­යෙන් පූර්ව අනා­වැකි පළ කර ඒ සඳහා සූදා­නම් වීමයි.”

මෙහිදී අද­හස් දැක්වූ රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා

“රජයේ සේවය සාමා­න්‍ය­යෙන් දින පහක වැඩ සති­යක් ලෙස පව­තින අතර, එහි මැද දිනය (බදාදා) කාර්යාල කට­යුතු සඳහා නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කළා. මෙම තීර­ණය ගැනී­මට ප්‍රධාන කරුණු දෙකක් බල­පානු ලැබුවා. බල­ශක්ති පරි­භෝ­ජ­නය අවම කිරීම සහ අත්‍යවශ්‍ය සේවා­වන් සඳහා බල­ශ­ක්තිය/ඉන්ධන යොදවා ගැනීම, පව­තින ඉන්ධන සංචිත දීර්ඝ කාල­යක් පවත්වා ගැනීම සඳහා පෙර සූදා­න­මක් ලෙස අර­පි­රි­මැ­ස්මෙන් භාවිත කිරීම, කාර්යාල විවෘ­තව තැබී­මේදී සහ ප්‍රවා­හන කට­යුතු සඳහා වැය­වන ඉන්ධන ප්‍රමා­ණය මෙලෙස අඩු කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ උප­දෙස් අනුව මෙම දිනය පාසල් සඳහා ද නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර තිබෙ­නවා. සතියේ සෙසු දින හත­රේදී නිල­ධා­රීන් සේව­යට කැඳ­වන අතර, අවශ්‍ය අව­ස්ථා­වල දී සීමා පැන­වීම් සම්බ­න්ධ­යෙන් තීරණ ගැනීමේ බලය අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට සහ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන්ට පවරා තිබෙ­නවා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආය­තන මඟින් සප­යන සේවා­වන් අත්‍ය­වශ්‍ය ලෙස සැල­කෙ­නවා. විශේ­ෂ­යෙන්ම සුළි කුණා­ටු­වෙන් පසුව සිදු කෙරෙන නැවත පදිංචි කිරීමේ (resettlement) කට­යුතු සඳහා මෙම නිවාඩු දිනය බාධා­වක් නොවිය යුතුයි.
රාජ්‍ය සේවය තුළ විදු­ලිය සහ ඉන්ධන පිරි­මැ­ස්මෙන් භාවිත කිරීම සම්බ­න්ධ­යෙන් 2022 වර්ෂයේ දී නිකුත් කරන ලද රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය තව­දු­ර­ටත් වලංගු වන අතර, ඒ සම්බ­න්ධ­යෙන් ක්‍රියා කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පවතී. රජය විසින් පව­ත්වනු ලබන අත්‍ය­ව­ශ්‍යම කාරණා හැර අනෙ­කුත් සිය­ලුම උත්සව සහ රැස්වීම් සීමා කිරී­මට හෝ අත්හි­ටු­වී­මට තීර­ණය කර ඇත.

මීට වික­ල්ප­යක් ලෙස, රැස්වීම් පැවැ­ත්වීමේ දී Zoom සහ Teams වැනි තොර­තුරු තාක්ෂණ මෙව­ලම් භාවිත කරන ලෙස උප­දෙස් දී තිබෙ­නවා. මෙම තත්ත්වය රුකු­ලක් කර­ග­නි­මින්, රජයේ සේවා­වන් තුළ තොර­තුරු තාක්ෂ­ණික භාවි­ත­යන් තව­දු­ර­ටත් ප්‍රව­ර්ධ­නය කිරී­ම­ටත්, එම නැඹු­රුව දිග­ටම පව­ත්වා­ගෙන යාම­ටත් රජය බලා­පො­රොත්තු වනවා.” 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here