පාප් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

0
13


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වතිකානය නිවේදනය කරනවා.

පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය විශ්මිත ලෙස වර්ධනය වී ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

නිව්මෝනියාව හා ශ්වසනාබාධයක් හේතුවෙන් උන්වහන්සේ සති පහක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.

වරෙක උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල මට්ටමකට පැමිණි අතර පසුව උන්වහන්සේ ක්‍රමිකව සුවය ලැබුවා.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පෙර තිබූ මට්ටමටම නොපැමිණිය ද යහපත් මට්ටමකට පැමිණ ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

රෝහලෙන් පිටවීමෙන් අනතුරුව මාස දෙකක කාලයක් විවේකීව ගතකරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here