ප්‍රාදේශීය සභා නැති නිසා දැනට සාමාන්‍ය වේගෙන් යන්නේ. මැයි 06 වෙනිදායින් පස්සේ වේගය වැඩි කරනවා – ඇමති සමන්ත

0
14


සටහන – රුවන් නෙළුගොල්ල

දැනට ආණ්ඩුව සාමාන්‍ය වේගයෙන් ගමන් කරන නමුත් මැයි 06 වනදා පළාත් පාලන ඡන්දයෙන් ජයග්‍රහණය කළ පසුව ආණ්ඩුවේ වේගය තවත් වැඩිකරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“එක්කෙනෙක් 100 – 120 ට පෑගුවා, හප්පාගෙන ගියා පොර. පොහොර ටිකත් රටේ නැති කළා, ආර්ථික අර්බුදයක් ආවා, පෝලිම් යුගයක් ආවා, අන්තිමට මිනිස්සු අධික වේගයෙන් ගිය එක්කෙනා ගුවන් යානයක නග්ගලා අධීක වේගයෙන් ගිහිල්ලා බංගලාදේශෙද කොහෙද මාලදිවයින්වල නැවැත්තුවා. එයාගෙ අයියා ගිහිල්ලා නාවික හමුදා කඳවුරක නැවතුණා. ඒ හින්දා අපි යන්නෙ අවශ්‍ය වේගයට. අනිත් එක ඉතින් මේ වාහනේ ඔක්කොම සම්පූර්ණ කරගන්නත් එපැයි. දැන් ඒ කට්ටිය ඔය වේගෙන් යනකොටත් දේශපාලන බල ව්‍යුහයන් හතරම සම්පූර්ණ කරා. ජනාධිපතිකම ගත්තා, ආණ්ඩුව ගත්තා, පළාත් සභා ගත්තා, ප්‍රාදේශීය සභා ගත්තා. දැන් අපි අධික වේගයෙන් යන්න මේ ඔක්කොම හතරම හරිද ? අපි ජනාධිපති ඉන්නවා, ආණ්ඩුව ඉන්නවා. දැන් අපි මේ පළාත් පාලන ආයතන ගන්න ඕනෙ නැද්ද ? ටිකක් වේගෙ වැඩි කරන්න ? මැයි 06 වෙනිදායින් පස්සෙ ටිකක් වේගෙ ටිකක් වැඩිකරනවා ඈ … ඇයි ? නගරසභාත් ඇවිල්ලා ප්‍රාදේශීය සභාත් ආවාම තව වැඩියෙන් වේගෙන් වැඩකරන්න පුළුවන්ද බැරිද ? පුළුවන්. ඉතින් දැන් නගරසභාව නැත්නම්, ප්‍රාදේශීය සභාව නැත්නම් ඒවායින් කෙරෙන දේ කරන්න ජනාධිපතිතුමාටයි පාර්ලිමේන්තුවටයි ලේසිපාසුවක් නෑ. එතනත් බලයක් තියෙනවා. ඉතින් ඒ ටිකත් ගත්තාම ටිකක් වැඩියෙන් පාගලා යන්නම් ඈ”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 30) බදුල්ල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here