ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකාවට රජයේ තනතුරු තහනම්

0
18


ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ලේ පෙන්ට වසර පහක කාලයක් රජයේ තනතුරු සඳහා තරඟ කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුරෝපා කොමිසමේ අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මැරීන් ලෙ පෙන් වැරදිකරු කිරීමටයි අධිකරණය කටයුතු කළේ.

යුරෝපා කොමිසමේ නීති සම්පාදකයින් ලෙස කටයුතු කළ තවත් පුද්ගලයින් අට දෙනෙකු හා පාර්ලිමේන්තු සහායකයින් 12 දෙනෙකු මැරීන් ලේ පෙන්ගේ ප්‍රංශ ජාතික රැලි පක්ෂයට අරමුදල් සැපයීම සඳහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කිරීමට අධිකරණය කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අනුව මැරීන්ට 2027 ප්‍රංශ ජනාධිපතිවරණයට තරඟ කිරීම තහනම් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඇයට වසර හතරක සිර දඬුවමක් ද ලබා දී ඇති අතර, ඉන් දෙකක් අත්හිටවූ සිරදඬුවම් වනවා.

ලේ පෙන්ට යුරෝ ලක්ෂයක දඩයක් නියම කෙරුණා.

කෙසේ වෙතත් ඇය අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

විනිසුරුවරයා දඬුවම නියම කිරීම අවසන් කිරීමට පෙර මැරීන් ලෙ පෙන් උසාවියෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here