සටහන – රුවන් නෙළුගොල්ල
පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයින් පත්කරගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම අද (මැයි 06) උදෑසන 07.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.
අද පස්වරු 04.00 දක්වා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමෙන් මහා නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා නියෝජිතයන් 8,287ක් තෝරා පත්කර ගැනීමට නියමිත ය.
මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධින කණ්ඩායම් 257කින් අපේක්ෂකයෝ 75,589ක් තරගයට පිවිස සිටිති.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5,783ක් පිහිටුවීමට කටයුතු කර ඇත.
Saru FM Media