පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 4,150ක්

0
8


පසුගිය මාර්තු මස 20 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 4,150ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 28ක්, නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 3,860ක් සහ වෙනත් පැමිණිලි 262ක්      ඒ අතරට අයත්. 

ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළදී පමණක් පැමිණිලි 152ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 02ක් ද     ඒ අතර වන බව මැතිවරණ කොමිසම පැවසුවා. 

මේ දක්වා ලැබී ඇති පැමිණිලි 4,150න් 3,495ක් විසඳා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. 

මේ අතර මාර්තු 12 ව්‍යාපාරය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අපේක්ෂකයින් 70,000කට වැඩි පිරිසක් තරග කරන මෙවර පළාත් පාලන මැතිවරණයේ මේ දක්වා කාලය තුළ බරපතල තත්ත්වයක් දක්නට නොලැබුණු බවයි.

Neth Sound · ELE ROHANA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here