පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට (16) බොහෝ දුරට සාමකාමී ආකාරයෙන් පැවැත්වෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයින් 71,000කට අධික සංඛ්‍යාවක් තරග කරන මුත් පොලිසියට ලැබී ඇත්තේ 200කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් බවයි.
කෙසේ වෙතත් මෙම පැමිණිල්ළි අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 13ක් වන බවත්, දැරණියගල ප්‍රදේශයේ අපේක්ෂකයෙකුට පහරදීමේ සිද්ධියක් ද ඊට ඇතුළත් බවත්, ඊට අදාළ ව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවසුවා.
මැතිවරණ සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය අපේක්ෂකයින් 15 දෙනෙකු සහ පක්ෂ ආධාරකරුවන් 52 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.
මැයි 6 වන දින පැවැත්වෙන මැතිවරණයට පෙර සාමකාමී ප්‍රචාරක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඔහු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Saru FM Media