පළාත් පාලන ආයතනවලට පත් කරන සභිකයන්ගේ නම් ඉක්මනින් දෙන්න – පක්ෂවලින්, කොමිසම ඉල්ලයි

0
5


පළාත් පාලන ආයතනවලට පත් කරන සභිකයන් ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළදී නිකුත් කිරීමට නියමිතයි. 

ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

Neth Sound · MACO RATHNAYAKA 01

මේ වන තෙක්, නම් ලබා නොදුන් දේශපාලන පක්ෂවලට හැකි ඉක්මනින් අදාළ නම් මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලීමක්ද සිදු කළා. 

ප්‍රමාද වී ලැබෙන නම් තවත් ගැසට් නිවේදනයකින් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Neth Sound · MACO RATHNAYAKA 02

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here