පසු ගිය මාස හතේ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11ක් ලංකාවට රැගෙන ඇවිත්

0
6


පසු ගිය මාස 07ක කාලසීමාව තුළ විදෙස්ගතව සිටිය දී ලංකාවට සංවිධානාත්මක අපරාධකරුවන් එකොළොස් දෙනෙකු මෙරටට රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන; ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තා බේලරූස් රාජ්‍යයේ සිට මෙරටට අද (04) රැගෙන ආ අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මේ වනවිට ඩුබායි, කැනඩාව, ඉන්දියාව වැනි රටවල්වල සිටින මෙරට අපරාධවලට සම්බන්ධ තවත් සංවිධානාත්මක අපරාධකරුවන් විස්සකට අධික සංඛ්‍යාවක් ඉදිරියේ දී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හා සම්බන්ධ වී අදාළ රටවල් දැනුවත් කර එම පුද්ගලයින් දිවයිනට ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර අද (04) දිනයේ දිවයිනට රැගෙන ආ “ලොකු පැටී” නැමැත්තා අවශ්‍ය වුවහොත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here