පවරා ගත් හිටපු ඇමතිවරුන්ගේ නිවාසවල අධිකරණ පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබාදෙයි – Saru News | සිංහල

0
13

අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් හිටපු ඇමතිවරු විසින් පරිහරණය කරන ලද නිල නිවාසවලට අධිකර පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන්න ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, මහාධිකරණ ස්ථාපිත කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති ඒම නිල නිවාසවල අධිකරණ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ සහභා වූ අවස්තාවේදීය.

දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු ඇමතිවරු විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබේ.

ඒ අනුව අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B 108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ ඇමති නිරීක්ෂණයට ලක් වී ඇත.

අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු ඇමතිවරු පරිහරණය කළ නිල නිවාසය තුළ මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීමේ විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති අතර තවදුරටත් අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර, කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහාද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අද සහභාගි වී ඇත.

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කෘත්‍යයන් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති පරිශ්‍රයේ පවත්වා ගෙන යන ලදී.

මේ වනවිට උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ අවසන් කර ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු එම ස්ථානයටම ගෙන ගොස් ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රය තුළ නව මහාධිකරණ පහක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයේ උසස් නිලධාරීන් අවස්ථාවට එක්ව සිටියහ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here