පවන්ගේ ශතකය අපතේ; එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

0
14

පවන් රත්නායකගේ ශතකය අපතේ යවමින් එංගලන්තය සමඟ පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගය ද ශ්‍රී ලංකා පිල පරාජයට පත් විය.

එංගලන්ත කණ්ඩායම ඊයේ (27) එය ජයගනු ලැබුවේ ලකුණු 53කිනි.

ඒ අනුව තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ එංලන්තයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුව වීමත් කැපී පෙනේ.

දෙපිළටම තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2ක ලකුණු 40ක් තුළ දැවී ගියත් තුන්වැනි කඩුල්ලට ලකුණු 126ක් රැස්කරන්නට ජෝ රූට් සහ ජෙකබ් බෙතල් සමත් විය.

එම සබඳතාව බිඳ වැටුණේ ජෙකබ් බෙතල් ලකුණු 65කට දැවී යාමත් සමඟය.

කෙසේ වෙතත් එතැනින් නොනැවතුණු එංගලන්ත ක්‍රීඩකයින් සිව්වැවි කඩුල්ලට පන්දු 113කින් ලකුණු 191ක නොදැවුණු සබඳතාවක් ගොඩ නගන්නට ජෝ රූට් සහ නායක හැරී බෘෘක් සමත් වුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නනට අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් දියත් කරමින්ය.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් සිය එක්දින දිවියේ 20වැනි ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තේය.

මීට අමතරව නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෘෘක් සිය එක්දින දිවියේ මංගල ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තේය.

හැරී බෘෘක්ගේ ඉනිම හතරේ පහර 11ක් සහ හයේ පහර 9කින් වර්ණවත් විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසනායේ කඩුලු 3ක් දැවී ලකුණු 357ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

ලකුණු 358ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාර ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට වේගවත් ලකුණු 48ක් රැස්කළේය.

කමිල් මිෂාර ලකුණු 22යි.

කලකට පසු වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 8කින් ලකුණු 20ක් ලබා ගත්තේය.

පිතිකරණ ලයිස්තුවේ උසස්වීමක් ලද පවන් රත්නායක අත්‍යාවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිය මංගල එක්දින ශතකය රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.4 කදී තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 304ක් පමණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here