රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී කෘතීම ආලේපන ඉක්මවා ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීම ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. සම පැහැපත් කරලීමේ මෙන්ම විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කිරීමටත්, සමේ තෙතමනය රැක ගැනීමටත් සුදු හඳුන් උපකාර වනවා. විවිධ ලේබල් වලින් පිරුණු කෘතීම ආලේපන නොමැති ඉපැරණි කාලයක සුන්දර ලලනාවන් සිය රූ සපුව රැකගත් රහස් පිලිබඳ වත්මන් ලෝකය අන්කවරදාටත් වඩා උනන්දුයි.
ශරීරයේ දැවිල්ලට – සුදු හඳුන් කුඩු,කිරි සමග මිශ්‍ර කර, මුලු සිරුරේම ගල්වන්න. සිරුරේ දැවිල්ල නැති නැති කරන මේ සත්කාරය දිනපතාම වුවත් සිදු කළ හැකියි.
යටි පතුල් පැලෙනවාට – සුදු හඳුන් කුඩු සහ එලඟිතෙල් මිශ්‍ර කර, හොඳින් සෝදා පිරිසුදු කරගත් පැලුණු දෙපා මත ආලේප කරන්න.
– ඉරේෂා –
Saru FM Media