පරණ පච පැත්තක තියා අලුත් පච අරන් ගමේ බලය අල්ලන්න එන මාලිමාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
7


රටේ ජනතාව ජාතික මැතිවරණ දෙකකට මුහුණ දී තුන්වැනි මැතිවරණයටත් එක්වන බවත් අද රටේ ජනාධිපති හා පාර්ලිමේන්තුවේ බලය ලබා ගත්තේ ජනතාවට බොරු කියා රවටා මංමුලා කර අනාථ කර ඇති බවත් බොරු කියා දිනපු ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය අවසානයේ අලුත් බොරු එක්ක ගමේ බලය මාලිමාවට ඉල්ලන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කලවාන ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි

විදුලි බිල 33%කින් අඩු කරන බව පැවසුවත් බලයට පැමිණි පසු විදුලි බල මණ්ඩලය විසින් මාස 6කට විදුලි බිල අඩු නොකරන බවට ජනතාවට පැවසු විට ජනතාව එයට එරෙහිව නැගි සිට මහජන උපයෝගීතා කොමිසමට යාම නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කිරීමට ඇති බවත් එය අඩු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වරායෙන් බාන කොට තෙල් සදහා එක මිලක් පාරිභෝගිකයාට තවත් මිලක් එයට හේතුව කොමිස් දුෂණ වංචා හොරකම නිසා බවත් තෙල් මත ලොකු බදු බරක් ඇති බවත් එය ඉවත් කර තෙල් මිල අඩු කරනවා කිව්වත් තවමත් අඩු නොකළ බවත් බඩු මිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරන බව පැවසුවත් එය ද නොවූ බවත් රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවවත් මේ රජයට සපුරා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගොවියාට අද වන විට පොහොර සහනාධාරය පවා හරියට නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් පහළ පොහොර ලැබෙන බවත් වග හානි වන්දි පවා නොලැබෙන බවත් මේ අය දැන් ගොවියාගේ පොහොර සහනාධාරය පවා කප්පාදු කරන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මයික්‍රෝෆෝන් එකක් අතට ගත් ගමන් මේ රජය බොරු කියමින් යන බවත් මේ ආණ්ඩුව පරාජය කර සත්‍ය ජයගත යුතු බවත් මේ වන විට ජන සමාජය මිනිමරුවන්ගේ කොල්ලකරුවන්ගේ ඝාතකයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් නීතිය හා සාමය රජයට ස්ථාපිත කළ නොහැකි බවත් නීතිය වල් බිහිවී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියු රජයට අද ජාතික ආරක්ෂාව ගැන ජනතාවගෙන් ටියුෂන් ගන්න සිදුව ඇති බවත් මේ මිනිමරු සංස්කෘතිය නැති කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here