පමණ දැනගෙන භාවිතා කල යුතු කෝවක්කා

0
18


ගහ කොලින් පිරී ඇති රටක ජීවත්වන අප, අවට පරිසරය පිළිබඳව අවබෝධයෙන් යුතු ව සිටිය යුතු වේ. මෙම බොහෝ ගහ කොල අපට ප්‍රයෝජනවත් වන අතර පමණ නොදැනගෙන භාවිතා කල හොත් ප්‍රතිඵල ද දරුණු විය හැක. කෝවක්කා යනු එලෙස පමණ දැනගෙන භාවිතා කල යුතු ආහාරයක් මෙන්ම ඖෂධයකි.

දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන කෝවක්කා (Ivy Gourd/ Scarlet Gourd/ Kowai) යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයක්. කෝවක්කා ගෙඩි ළපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු හෝ තද රෝස පැහැයක් ගනී.  කෝවක්කා වැලෙහි ළපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරන අතර කෝවක්කා කැඳ හා කොවක්කා ව්‍යංජනය භාවිතාවේ පවතියි. ඉන්දියානු, මැලේසියානු හ තායි ආහාර වර්ග වල බහුලව දැක ගත හැක.

සාම්ප්‍රදායික වෙදකම තුළ ලාදුරු රෝගය, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් සහ වෛරස ආදිය සඳහා කෝවක්කා ඔසුවක් ලෙස භාවිතා කර ඇත. සිංහල වෙදකමට අනුව කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට ගුණදායක ඔසුවක් වේ. ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමේ ඇති හැකියාව නිසා දියවැඩියා රෝගීන් අතර ප්‍රචලිතයි. නමුත් කෝවක්කා රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමක් සිදු විය හැකි නිසා සීනි අඩු අය හට පරිස්සමින් භාවිතා කල යුතු වේ. මෑත දිනයක දී කුඩා පාසල් සිසුවකු අධිකව කෝවක්කා ආහාරයට ගැනීමෙන් අවාසනාවන්ත ඉරණමකට මුහුණු දීමට සිදු විය. එනිසා ඕනෑම ආහාරයක් වගේම පමණ දැනගෙන භාවිතා කිරීමයි වඩාත් යහපත් වෙන්නේ.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here