පද්ම ශ්‍රී සම්මානලාභි ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි – Saru News | සිංහල

0
12

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභි, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) අද (21) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවිය.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සද එක් වී සිටි අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් (Roshni Thomson), විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්ත (Ankuran Dutta), “Timeless Bollywood Melodies” සංගීත වැඩසටහනේ සංවිධායකවරිය වන කෞෂල්‍යා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඔවුන් වෙත සිය සුභ පැතුම් පළ කළ අතර එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන්නැයි ජවිපෙ ප්‍රධාන ලේකම්ට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට එම පිරිස විසින් ආරාධනයක්ද කර තිබේ.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here