පතොරම් තොගයක් හමු වූ නිවසේ අයිතිකරු වූ පොලිස් විශේෂ කාර්‍යය බලකායේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබියදී ඊයේ (22) දින මෙම පතොරම් සහ යුද උපකරණ තොගයක් වවුනියාව පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
ඉන් අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනයේ දී කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්‍යය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.
වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදු කළ හදිසි වැටලීමක දී T56 වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 296ක්, M16 වර්ගයේ පතොරම් 19ක් මෙන් ම පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් කොටස් 12ක් ද සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ තාවකාලිකව පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු ද මීට පෙර අත්අඩංගුවට ගැනුණා.
සැකකරුවන් කිසියම් අපරාධයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ පතොරම් රැස්කර තබන්නට ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Saru FM Media