පතිනියකගේ සටහන්- 21

0
5

අල්ලපු ගෙදරින් විටින්විට ඇහෙන උස් හඬින් කෑගැහීමත් හැඬීමත් බඩු මුට්ටු පෙරළෙන පොළොවේ ගහන හඬත් අහන් ඉන්නම බැරි බව හිතෙනකොට මං භානුකව හොයාගෙන ගියා. සාලෙට වෙලා නිස්කලංකව ෆිල්ම් එකක් බලන භානු මාව තුරුලට ගත්තේ මං ඉන්නේ තිගැස්මෙන් බව වටහාගෙන.
“අනුන්ගේ ප්‍රශ්නවලට ඔයා ගැස්සෙන්න එපා ළමයෝ.. බබාට හොඳත් නෑ.”
භානුක මගේ හිස පිරිමදින ගමන් කියනවා.
“ඇත්තටම ඒ අක්කා විඳින්නේ පුදුම දුකක්නෙ භානු.”. මං කීවේ වේදනාවෙන්.
ලංකාවේ ගෑනුන්ගේ හැටි.. ආවා නම් විඳවගෙන ඉන්න එකයි, මොනවා කරත් ඒ මගේ මිනිහා කියලා හිතන එකයි නවත්තා ගන්නකම් ගෑනුන්ගේ ජීවිතේ ඔහොම අපායක් වෙන එක නවත්තන්න බෑ තාරු”
ඒකත් ඇත්ත. වසර දෙදහස් පන්සීයක ප්‍රෞඩ ඉතිහාසෙ කර උඩ තියන් ඉන්න අපිට ලිවින් ටුගෙදර් , ඩිවෝස් වගේ වචන බොහොම කැත වචන බව මට හිතුණා. කෙසේ හෝ පවුල රැක ගැනීම අයිති ගැහැණියට බව හිතන ලෝකෙක මොන සැනසීමක් ද?
සතෙක් එක්ක ජීවිතයක් නෑ කියලා තේරුම් ගත්තම ගෑනියෙක්ට අයිතියක් වගේම වගකීමක් තියනවා ඒ කසාදෙට ටටාබායි කියන්න..”
ඒ අයිතියත් වගකීමත් ලංකාවේ ගැහැණු ඉක්මනින් ලබා ගතයුතුමයි. ෆේස්බුක් කාන්තා සමූහයන්ට ඇඟ හිරි වැටෙන දුක් කතා ලියලා එවන ගැහැණු ගැන හිතමින් මමත් එහෙම හිතුවා.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here