නිශ්මං රණසිංහ ,මාර්තු 05 කොළඹ LNW:
ලංකාවේ මලල ක්‍රීඩාවේ අලුත් පරම්පරාවේ අදහස බොහෝ විට ක්‍රීඩිවට සීමා නොවුණ ශාස්ත්‍රාලීය වශයෙන් සපුරා ගන්නා ජයග්‍රහණ ද එකතු කර ගැනීමය.ඒ නිසා අධ්‍යාපනය සාර්ථක කරගෙන රජයේ විශ්ව විද්‍යාලවල මෙන්ම,පෞද්ගලික විශ්ව විද්‍යාලවල ද උපාධිය වෙනුවෙන් ඉගෙන ගැනීමට තරම් ඔවුන් පාසල් අධ්‍යාපනයෙන් කුසලතා දිනා ගෙන ඇත.එසේම තවත් පිරිසක් තමන්ගේම වියදමින් හෝ ශිෂ්‍යත්ව මඟින් විදේශයන් හී ඉගෙනුම ලබමින් ඇත.
මේ ප්‍රවනතාවය වැදගත්ය.එහෙත් ඇතැම් විශ්ව විද්‍යාලවල නියමිත වේලාවටම පවතින දේශනාවලට සහභාගිවීම මිස,තමන්ගේ විශ්ව විද්‍යාලයේ සිටින්නේ ජාතික වටිනාකමක් තිබෙන ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක බව නොසළකා හරින්නේය.ක්‍රීඩාවෙන් අනාගතයට අවශ්‍යය දැණුම ලබා දෙන දේශකයෝද කැපවීමක් කර එවැනි වැඩ පිළිවෙලකට යන්නට තරම් සංවේදී නැත.මන්ද ඒ බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාලයේ සිටින ජාතික නියෝජනයන් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහතින් සිට විශ්ව විද්‍යාලයට පැමිණි පසු ක්‍රීඩාව වෙනුවෙන් නොවරදවා දේශනාවලට සහභාගි වීම අකුරටම කළ අයය.
ක්‍රීඩාව කළ අයගේ ඉරණම සහ විශ්ව විද්‍යාලයට එන විට දීර්ඝ ලෙස ක්‍රීඩාවේ ප්‍රායෝගිකව නියැලීමෙන් ලබා ගැනීමට හැකි උසස් ප්‍රතිපලයක් නැති නිසා ක්‍රීඩාවට සමුදීම කරනකොට ක්‍රීඩාව ඉගැන්වීමට විශ්ව විද්‍යාල රැකියාවක් ලැබීම කියන තැන සිට ක්‍රීඩාව දෙස බලන බොහෝ දෙනෙකුට එවැනි හැගීමක් උපදින්නට විදිහක් ඇත්තේ ද නැත.
මෙ නිසා පත්වන නව මලල ක්‍රීඩා පරිපාලනයක් අනෙකුත් මේ ගැටළුවම ඇති ක්‍රීඩා සම්මේලනවලට කරුණු අවබෝධ කර දී ක්‍රීඩා අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහභාගි කරවාගෙන විශ්ව විද්‍යාලවල සිටින ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනය ඔවුන්ගේ පුහුණු සැළසුම් සහ තරග කාල සටහන්වලට ප්‍රමුඛතාවය දී කරගෙන යාමට අවශ්‍යය පරිසරය සකස් කළ යුතුව ඇත.ඒ නිසා මලල ක්‍රීඩා පරිපාලනය එවැනි නව වගකීම් සහ අභියෝග තේරුම් කරගෙන ක්‍රීඩාව සඳහා කරනු ලබන මැදිහත්වීම් සකස් කළ යුතුව ඇත.
මේ වන විටත් නොසළකා හැර තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අමාත්‍යංශය සමග සාකච්ඡා කර සකස් කර ඇති අදාළ සංචිත කෙරේ යොමු කිරීම,යම් ඉපැයීමක් ලැබිය හැකි පරිදි සංගමයේ ව්‍යහුව සකස් කිරීම වැනි කරුණු ගැන ද ඉදිරි පරිපාලනයක් විසින් සිඳු කළ යුතුව ඇත.ක්‍රීඩාව ගැන ක්‍රීඩා කළ අයගේ කතාවල රහ අසා ඉදි කාලය නිමා කර අනාගතයේ ක්‍රීඩාව ගැන කතාවන් රස කළ හැකි නව මානයන් හඳුන්වා දීමට පත්වන කුමන පරිපාලනය හෝ මුල් වී කටයුුතු කළ යුතුව ඇත.

The post පත්වන මලල ක්‍රීඩා පරිපාලනයක් අධ්‍යාපනය ගැනත් සිතිය යුතුයි appeared first on LNW Sinhala.
Saru News












