පකිස්ථානය විසින් ඉන්දියාවේ පුරවැසියන් සඳහා වීසා අත්හිටුවයි

0
13


පකිස්ථානය විසින් ඉන්දියාවේ පුරවැසියන් සඳහා වීසා අත්හිටුවා තිබෙනවා. 

ඒ ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේදී සංචාරකයින් පිරිසකට එල්ල වූ ප්‍රහාරයෙන් පසුවයි. 

මෙම ප්‍රහාරය සඳහා පකිස්ථානය සම්බන්ධ බවට ඉන්දියාව චෝදනා කර ඇති අතර අදාළ චෝදනා පකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

පකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් ගන්න බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඉන්දියාව විසින් පකිස්ථාන ජාතිකයින් සඳහා වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමයද අවලංගු කර තිබෙනවා. 

මේ අතර ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන සියලුම ගුවන් සමාගම් සඳහා එරට ගුවන් කලාපය වසා දමා ඇති අතර ඉන්දියාව සමඟ ඇති සියලුම වෙළඳාම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here