නිශ්මං රණසිංහ ,මාර්තු 01 කොළඹ LNW:
ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක්.ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයෙන් පකිස්තානය ජය ගත්තෙ ලකුණු 5 න්.ඒත් පකිස්තානය ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීලා කඩුලු 8 ට ලකුණු 212 ක් රැස් කළා.ශ්‍රී ලංකාව සාර්ථක හඹා යාමක් සිඳු කළත්,විශේෂයෙන්ම නායක දසුන් ශානක හයේ පහරවල් වැස්සක් වැස්සුවත් ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 20 නිමාවේ සටහන් කළ ලකුණු සංඛ්‍යාව වුණේ කඩුලු 6 ට ලකුණු 207 ක් පමණයි.
අවසාන පන්දු ඕවරයේ ලකුණු 28 ක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට අවශ්‍යය වුණා.එයින් ලකුණු 22 ක් පළමු පන්දු 4 ට ලබා ගත්තත් පන්දු 31 න් ලකුණු 76 ක් ලබපු දසුන්ට හතරවන සහ පස්වන පන්දු මඟ හැරෙනවා.එය එසේ නොවන්නට ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී හඹා ගොස් ජය ගත් හොඳම කණ්ඩායම වන්නට තිබුණා.
කෙසේ නමුත් නවසීලන්තයට ශ්‍රී ලංකාව පරාජය වූ මොහොතේ එය පකිස්තානයට එරෙහි වීමට හිතා මතා කළ පරාජයක් බව පකිස්තාන් ජ්‍යෙෂ්ඨයන් කී කතාව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පවා ඔසවාගෙන යන අයුරු දකින්නට ලැබුණා.පකිස්තාන දේශපාලනය විසින් ඇති කරන කම්පනය තුළ එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට ඇති වූ කම්පනය බලපාන්නට ඇතැයි සිතිය හැකි වුව ද,ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ඒ ආකාරයට ක්‍රියා කිරීම විශ්වාස කළ නොහැකියි.අලුත් දේශපාලන පක්ෂ ඇතුළට පරණ වෙළෙන්දන් රිංගා ගැනීමෙන් පසු පරණ බඩුම විකිණිමක් බවට පත් වූ එම මාධ්‍ය හමුවට අනුව ඊයේ පකිස්තානයට මොකද වුණේ කියන කාරණයත් ඒ ආකාරයේම සැකයකින් බලා ප්‍රශ්න කළ යුතුයි.
පකිස්තාන ආරම්භක කඩුල්ලේ සබඳතාවය 176 ක්.පළමු කඩුල්ල දැවී යන්නේ 16 වන ඕවරයේ පස්වන පන්දුවේදී.ඉතිරි පන්දු ඕවර් 4.1 ක් තුළ පකිස්තාන කිසිඳු පිතිකරුවෙකු ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක් ලබා නොගන්නා අතර කඩුලු 8 ක් දැවී යනවා.එහි අදහස තරගයේ වීරයා වී සහීබ්ෂාඩා ෆර්හාන් ලබා ගත් ශතකය සහ ෆකාර් සමාන් ලබා ගත් ලකුණු 84 න් පසුව අනෙක් පිතිකරුවන් යම් සැළසුමනට අනුව පන්දු 25 ක් තුළ දැවී ගියාද කියන කාරණයයි.ක්‍රිකට් ක්‍රීඩාවේ එවැනි දේ සිඳු වන්නට හැකි වුව ද ක්‍රිකට් වෙනත් අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් බලන පිරිසට ක්‍රීඩාවේ ඇති ඒ අනපේක්ෂිත සහ අවිනිශ්චිතභාවය තුළ ඇති චමත්කාරය දරා ගන්නට නොහැකියි.
දෙවන ගැටළුව මතු වන්නේ එතරම් ලකුණු පූවරුවක් හඹා යාම ලකුණු 5 ට අඩුවෙන් අවසන් කරන්නට තරම් විශාල ලකුණු පූවරුවකට යන්න ශ්‍රී ලංකාවට අවස්ථාව දුන්නේ ඇයිද කියන කාරණයයි.නවසීලන්තය තරගාවලියේ පන්දු ඕවර් 40 ට මුහුණ දී ලබා ගෙන තිබෙන්නේ ලකුණු 327 ක් පමණයි.එහෙත් පකිස්තානය ලකුණු 376 ක් ලබා ගෙන තිබෙනවා.නවසීලන්තය සහ පකිස්තානය අතර ලකුණු ලබා දීමේදී නවසීලන්තය ඉදිරියෙන් සිටීම නිසා තමයි අවසාන කණ්ඩායම හතරට පකිස්තානයට ඒමට නොහැකි වන්නේ.
පකිස්තානය සහ නවසීලන්ත තරගය පැවත්වීමට හැකි වුණේ නැහැ.ඊ ළඟට ශ්‍රී ලංකා ක්‍රිකට් සැළසුම් සහගතව එම දිනයට වර්ෂාව ඇති කරන්නට මැදිහත් වූ බව කීවොත් එම කාරණය ද මාධ්‍ය හමුවකට ගෙන ඒමට සිතන දේශපාලකයන් සිටිය හැකියි.මේ අර්බූදය කිසිවෙකු නොසළකා හරිනු වෙනුවට ඇති කරන පීඩනයම ඔසවාගෙන යාම සිරිත කරගෙන සිටිනවා.
කෙසේ නමුත් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසාන තරගයේදී දෙපිළම ප්‍රේක්ෂකයන්ට ඉහළ ආස්වාදයක් ගෙන දෙන්නට සමත් වුණා.පකිස්තානය වෙනුවෙන් ෆර්හාන් පන්දු 60 න් ලබා ගත් ලකුණු 100 ත්,සමාන් පන්දු 42 දී ලබා ගත් ලකුණු 84 ත් පකිස්තාන ඉණිම තුළ විස්සයි විස්ස තරගයක අපේක්ෂිත ප්‍රහාරක ලක්ෂණ නො‘අඩුව ඇතුළත් ඉණිම් වුණා.එසේම පන්දු 37 න් පවන් රත්නායක රැස් කළ ලකුණු 58 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් මෑත කාලයේ කරන ලද හොඳම සොයා ගැනීම තමන් බවට පවන් දුන් සහතිකයක් වුණා.දසුන් ශානක මැම අතින්ම විස්සයි විස්ස අනන්‍යතාවය පිළිබිඹු කළ ඉණිමක් දියත් කළ අතර පන්දු 31 දී වාර්තා වූ ලකුණු 76 ට හයේ පහර 8 ක් ම ඇතුළත් වීම එහිදී කැපී පෙණුනා.
කෙසේ නමුත් මේ තරගාවලියේදී සැළසුම් සහගත ලෙස ක්‍රීඩකයින්ගේ පිට මත නැඟී,බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් දඩයම් කිරීමට සැළසුම් කළ බව පෙනෙන්නට තිබුණා.ඒ හැම තැනකදීම එම අවශ්‍යයතාවය ඇති අය මේ රටේ පුරවැසියන් තුළ ඇති අති සංවේදී ක්‍රිකට් ආදරය ආයුධ බවට පෙරළාගෙන රැල්ලක් තැනීමට උත්සාහ කළා.මේ ප්‍රේක්ෂක මැදිහත්විම සහ විරෝධයන් නිර්මාණය කිරීමට නීතිය සහ තමන්ගේ පූජකත්වය ද ප්‍රතික්ෂේප වූ චරිත පවා යොදා ගනිමින් කිරීමට ගත් උත්සාහයන් ඉදිරියේ ද ක්‍රිකට් පරිපාලනයට කුමන පුද්ගලයෙකු පැමිණියද ඒ තත්ත්වයට මුහුණ දීමට සිඳුවන නරක සංස්කෘතියක් වනු ඇති බව නොවැළක්විය හැකියි.
කෙසේ නමුත් පකිස්තානයේ මුල් කඩුල්ලෙන් පසුව පන්දු 28 ක් තුළ තවත් කඩුලු 7 ක් බිඳ වැටීම වගේම ශ්‍රී ලංකාවට පකිස්තානු පන්දු යවන්නන් ලකුණු 207 ක් ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් පන්දු යැවීම ද පකිස්තාන ප්‍රවීන ක්‍රීඩකයින් මෙන්ම ඔවුන්ගේ අතාර්කික තර්ක කරමත තියාගෙන වීදි සංචාරය කළ ශ්‍රී ලාංකිකයන්ද විමසා බැලිය යුතුයි.
පහතින් දැක්වෙන සබඳතාවයෙන් තරගයේ පන්දුවෙන් පන්දුවට විස්තර විමසා බැලිය හැකියි.
https://bit.ly/4qWP1GZ

The post පකිස්තානයට මොකද වුණේ? appeared first on LNW Sinhala.
Saru News













