කම්පනයෙන් පුද්ගලයකුත් රෝහලේ
නෝර්වුඩ් ප්‍රදේශයට ඊයේ (15 දා) ඇද හැලුණු වර්ෂාවත් සමග පතිත වූ අකුණුසරකින් නෝර්වුඩ් ප්‍රදේශයේ ගාල් කර තිබූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට සහ ඒ අසල වූ නිවසකට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර නිවසේ සිටි පුද්ගලයකු කම්පනයෙන් බිම ඇද වැටී තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඊයේ (15) දින පස්වරු 5:00ට පමණ වෑන් රථය ගාල් කර තිබූ ස්ථානය අසල විශාල ගසකට අකුණු සර පතිත වී එම අකුණු සර පසුව වෑන් රථයට සහ නිවසට පතිත වූ බව නෝර්වුඩ් ප්‍රදේශවාසීහු කීහ.
අකුණු සර වැදීම හේතුවෙන් නෝර්වුඩ් ප්‍රදේශයේ එක්වරම විදුලිය ද විසන්ධි වී ඇත.
මිලී මීටර් 100ට වඩා අධික වැසි සමග අකුණු සර පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කර තිබුණි.
නුවරඑළිය නාලක රත්නායක
Saru FM Media