නීති විරෝධී ලෙස ඩීසල් රැස්කර තැබූ පුද්ගලයන් 04ක් පොලිස් දැලේ…

0
5

රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ LNW :

පහල බියගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී ලෙස ඩීසල් ලබාගෙන රැස්කර තැබූ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විවිධ බර වාහනවලින් අනවසරයෙන් ඉන්ධන ලබාගෙන පසුව ඒවා වෙනත් පාර්ශවයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී ඇති බව හෙළිවී ඇත.

මෙම මෙහෙයුමේදී ඩීසල් ලීටර 19,000කට අධික ප්‍රමාණයක් සහිත බවුසර් රථ දෙකක් සහ බැරල් කිහිපයක් පොලිස් භාරයට ගැනීමට හැකි විය.

මීට අමතරව, ඉන්ධන ඇද ගැනීමට යොදාගත් උපකරණ සහ රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි මුදලක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මෙම පිරිස වයස අවුරුදු 20ත් 42ත් අතර පසුවන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව තහවුරු වී තිබේ.

The post නීති විරෝධී ලෙස ඩීසල් රැස්කර තැබූ පුද්ගලයන් 04ක් පොලිස් දැලේ… appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here