නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 53ක් අල්ලයි

0
6

මාර්තු 03 – 18 අතර කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 53 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉහත කාලය තුළ මන්නාරම වෙඩිතලතිව්, සවුත්බාර්, වන්කාලෙයි, පුත්තලම උඩප්පුව, උදයුර්පුති, වාකරේ කන්ඩලඩි, කළුවන්කේනී, පල්චේනයි, සවුක්කඩි, යාපනය මන්ඩතිව්, ත්‍රීකුණාමලය කින්නියා, කොකිලායි සහ ගාල්ල අකුරළ වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකණු නාවික විධාන විසින් සිදුකළ මෙහෙයුම් මඟිනි.

තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ මෙම පුද්ගලයන් 53 සමග ඩිංගි යාත්‍රා 13ක් හා ට්‍රැක්ටර් රථ 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. 

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම, පුත්තලම, වාලච්චේනයි, මඩකලපුව, මන්ඩතිව්, නානට්ටාන්, කින්නියා හා මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ ගාල්ල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.

(ඡායා : navy.lk)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here