නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 4,000ක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 40ක් වන අහුගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සහ දුම්වැටි තොගය වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Saru FM Media