නීතිපති ඉවත් කිරීමක් ගැන කැබිනට්ටුවේ සාකච්ඡාවක් නෑ. සමාජ මාධ්‍යවල යන ඒවාට ආණ්ඩුවේ සම්බන්ධයකුත් නෑ – අධිකරණ ඇමති

0
9

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති පාරින්ද රණසිංහ මහතාව එම තනතුරින් ඉවත් කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සිදුවී නොමැති බවත් නීතිපතිවරයාට එරෙහිව සමාජ මාධ්‍ය ජාල තුළ පළවන ප්‍රචාරවලට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධතාවක් ද නොමැති බවත් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

“දැන් සමාජ මාධ්‍ය ජාලා තුළ නොයෙකුත් අදහස් පළවෙනවා. සමහර අදහස් මත නීතිපතිවරයාව ආරක්ෂා කරගත යුතුයි, සමහර අදහස් මත නීතිපතිවරයාව ගෙදර යැවිය යුතුයි පමණක් නෙවෙයි අධිකරණ ඇමතිවත් ඒ එක්කම ගෙදර යවන්න කියනවා නීතිපතිව රකිනවා කියලා. ඉතින් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, කවුරුහරි අධිකරණ ඇමති ගැන හෝ කාගෙ ගැන හෝ පැමිණිල්ලක් තියෙනවා නම් දූෂණය, වංචාව සම්බන්ධයෙන්, දැන් මේ රටේ නීතිය හැමට එක හා සමානයි, ඒ අවශ්‍ය තැන්වලට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. පුද්ගලයින්ට තමන්ගෙ අයිතිය තියෙනවා ඕනෙම දෙයක් ප්‍රකාශ කරන්න, නමුත් සමාජ මාධ්‍ය ජාලාවල යන ඒවාට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. මට කියන්න පුළුවන් එකම දේ නීතිපතිවරයාව ඉවත් කිරීමක් සම්බන්ධයෙන්, දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ නම් සාකච්ඡාවක් වෙලා නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නෙ”

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here