නීතිඥවරු ඊයේ නඩු වැඩවලින් ඉවත්වෙද්දී කුරුණෑගල නීතීඥයකු වැඩකරලා

0
4

නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (16) දිවයිනේ අධිකරණවල සිටින සියලුම නීතිඥවරුන් නඩු කටයුතුවලින් ඉවත්ව සිටි පසුබිමක කුරුණෑගල නීතිඥවරයකු වන කීර්ති ජී. දුනුසිංහ මහතා පමණක් එම විරෝධයට එක් නොවී කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතුවලට පෙනීසිට ඇත.

දුනුසිංහ මහතා ඊයේ නඩුවලට පෙනී සිට ඇත්තේ කුරුණෑගල අධිකරණයේ සෙසු නීතීඥයින් ඝාතන සිද්ධියට අප්‍රසාදය පළ කරමින් කුරුණෑගල නගරයේ විරෝධතාවයක නිරතව සිටියදීය.

තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨතම නීතිඥ දුනුසිංහ මහතා මෙසේ තම අදහස් පළකර තිබිණි.

“මම කුරුණෑගල අධිකරණයේ විභාග වන නඩු රාශියකට සේවාව සලසන්න සේවාදායකයන්ගෙන් මුදල් ලබාගෙන තියෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරලා තියෙන්නේ දේශපාලන පක්ෂ පාට කිසිම බේදයකින් තොරව මිනිස්සුන්ට මගේ සේවය ලබා දෙනවා කියලයි. මගෙන් සේවාවක් බලාපොරොත්තු වෙන ජනතාව මට යම් සේවා ගාස්තුවක් ලබා දුන්නාට පසුව මම වෘත්තියෙන් බැඳිලා ඉන්නවා මගේ සේවාදායකයන්ට සේවය කරන්න. කවර හේතුවක් නිසාවත් ඔවුන්ට බැහැ කියලා කියන්නත් බැහැ. ඔවුන්ට ලබා දෙන සේවය පැහැර හරින්නත් බැහැ. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා තියෙන්නේ ඕනෑම අවස්ථාවක ජනතාවගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිසිම අවස්ථාවක අපිට කියලා නැහැ වැඩ වරන්න කියලා. ඒ නිසා මගේ වෘත්තීය යුතුකම වෙනුවෙන් පෙනී සිටලා ගරු අධිකරණය වෙනුවෙන් දක්වන්න පුළුවන් උපරිම සහයෝගය දැක්වූවා. අද ගරු විනිසුරුවරුන් විභාග කරපු නඩුවලට මම පෙනී සිටලා මගේ වෘත්තියේ ගරුත්වය රැක්කා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here