නීතිඥවරයෙකුත් ඝාතනය වුණා. නීතිය හා සාමය රකින්න බැරි නම් පොලිස්පති වහා ඉවත් වෙන්න – ක්‍රිෂ් නඩුවට ආපු නාමල් මාධ්‍යයට කියයි!(VIDEO)

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට නොහැකි වීම, රැකියා උත්පාදනයේ නොහැකියාව, ආයෝජන ගෙන ඒමට ඇති නොහැකියාව වැනි කරුණු හමුවේ ආණ්ඩුව ජනතා මතය වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ මහාධිකරණයට පැමිණිව අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නීතිඥවරු අද (16) දින රාජකාරීවලින් ඉවත් වීමට තීන්දු කිරීම නිසා මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීන්දු කර තිබුණි.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

අද දින තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගෙන මහජන මතය වෙනස් කිරීමට මැදිහත්ව සිටින බවයි.

ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ ලැබීමත් එවැනි සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි පාර්ශව වෙත ආණ්ඩුව ක්‍රියා කරන ආකරයක් පෙනෙන්නට තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිඥවරයෙක් ඝාතනය කර ඇති අතර පසුගිය දිනක නීතිඥවරයෙක්ට අධිකරණ භූමියේදී පහරදීමක්ද සිදුවූ බව හෙතෙම කියා සිටියේය.

පවතින තත්ත්වය අනුව නීතිය හා සාමය රැකීමට විශේෂයෙන් පොලිස්පතිවරයාට නොහැකි නම් ඔහු ඉන් ඉවත් විය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

The post නීතිඥවරයෙකුත් ඝාතනය වුණා. නීතිය හා සාමය රකින්න බැරි නම් පොලිස්පති වහා ඉවත් වෙන්න – ක්‍රිෂ් නඩුවට ආපු නාමල් මාධ්‍යයට කියයි!(VIDEO) appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here