නිහඬ කාල සීමාවේ නීති උල්ලංඝනය කරන අයට ඡන්දය දෙන්න එපා – පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

0
5


2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. 

ඒ අනුව එම මැතිවරණයේ නිහඬ කාල සීමාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන තෙක් කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට නීතියෙන් ඉඩකඩ නොමැති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ.

Neth Sound · ELE RATHNAYAKA 01

පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාල සීමාව තුළ ඡන්ද දායකයින්ට නිදහසේ තීරණයක් ගැනීමට අවකාශය සලසා දෙන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් සහ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ. 

Neth Sound · ELE ROHANA 01

නිහඬ කාල සීමාව තුළ කිසියම් අයෙකු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නේ නම් එවැනි පුද්ගලයින් ජනතා නියෝජනය සඳහා තෝරා නොගත යුතු බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here