එක් නිවසකින් තවත් නිවසකට භාණ්ඩ මාරු කිරීම ඇත්තෙන්ම දුෂ්කර කාර්යයක්. ඔබේ නිවසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තනිවම නැතහොත් උපකාර කිරීම සඳහා යමෙකු කුලියට ගත්තද ඔබ නිසි අවධානයෙන් නොසිටිය හොත් ගැටලු රැසක් මතු විය හැක. එනිසා වඩාත් පහසුවෙන් ඔබේ වටිනා බඩු මුට්ටු ඔබේ නව නිවහනට රැගෙන යන්න මේ ටිප්ස් උපකාරී වනු ඇත.
අවසාන මොහොතේ දී කිරීමට යි කියා කිසිවක් ඉතිරි නොකළ යුතුය. ඔබට සතිපතා හෝ දිනපතා ඉටු කල යුතු කාර්යයන් සියල්ල යොදා වැඩ සැලැස්මක් සකස් කරගන්න. භාණ්ඩ ප්‍රවාහනය කරන මාධ්‍යය ද කලින්ම සැලසුම් කරන්න.
පුවත්පත්, ඇසුරුම් ටේප්, බබල් රැප් සහ පෙට්ටි ආදිය රැස් කර ගන්න. භාණ්ඩ නම් කිරීම සඳහා මාර්කර්ස් හෝ ලේබල් ද රැස් කර තබා ගන්න.
ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සහාය වීම සඳහා මිතුරන් හා පවුලේ අයට ආරාධනා කිරීමෙන් මුදල් ඉතිරි කර ගැනීමට හැකි අතර ඔවුනගෙන් බලාපොරොත්තු වන සහාය පිළිබඳව කලින්ම දැණුවත් කර තබන්නට මතක තබා ගන්න.
මෙය ඔබ තව දුරටත් භාවිතා නොකරන අයිතමයන් ඉවත් කිරීමට මහඟු අවස්ථාවක් වන අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පහසුවක් වනු ඇත.
ඔබගේ භාණ්ඩ පිළිබඳව වාර්තාවක්/ ලැයිස්තුවක් තිබේ නම් යමක් නැතිවී ඇත්දැයි දැන ගැනීමට ප්‍රයෝජනවත් වේ. භාණ්ඩ රක්ෂණ වාර්තා සඳහා ද මෙය වැදගත් වේ.
– කල්හාරී –
Saru FM Media