නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

0
4

කන්තලේ, රජඇළ, යුනිට් 05 හි නිවසක නවතා තිබූ මෝටර් රථයක් අද (15) අලුයම හදිසියේ ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අද අලුයම 5ට පමණ සිදුව ඇති මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර මහත් කැලඹීමක් ඇති වී තිබුණි.

මෝටර් රථය දැවෙන බව දුටු පවුලේ අය සහ අසල්වැසියන් වහාම රැස්වී ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, ගින්න වේගයෙන් පැතිර ගොස් මෝටර් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.

ගින්නට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, කවුරුන් හෝ විසින් හිතාමතාම ගින්න ඇති කළාද? නැතහොත් විදුලි කාන්දුවක් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය ගිනි ගත්තේ දැයි සොයා පරීක්ෂණ සිදුකෙරේ.

කන්තලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here