නිමල් ලංකාවට, සමන් ඊශ්‍රායලයට

0
5

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ නිමල් බණ්ඩාර මහතාගේ තුන් අවුරුදු නිල කාලය අවසන් වීමෙන් පසු ඊශ්‍රායලයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කිරීමට සමන් කුමාර් චන්ද්‍රසිරි මහතා නම් කොට තිබේ.

ඔහුගේ පත්කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳව කාරක සභාවෙන් අනුමත කර ඇත.

මෙම පත්කිරීම ඉදිරිපත් කොට ඇත්තේ ඊශ්‍රායල් රජයේ අනුමැතියට අනුව බවද පැවසේ.

සමන් කුමාර් චන්ද්‍රසිරි දීර්ඝ කාලයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර දැනට එහි පුහුණු කිරීමේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ යෙදී සිටී.

පෙබරවාරි මස අවසානයේදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ නිමල් බණ්ඩාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා වාර්තා කිරීමට නියමිත අතර ඉන් පසු සමන් කුමාර් චන්ද්‍රසිරි නව තනතුර සඳහා පැමිණීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here